නිවීමේ පණිවිඩය රැගත්… 11

දහම් පදය
“ තමාටවත් අසු නොවී සිටින්නා සියල්ල අත්හැරිය උත්තමයාය , ඒ උත්තමයා මම නොවේය , මක්නිසාද ඒ උත්තමයා මම නම් තවම අත්හැරීම සිදු වි නැත “
අත්හැරීම පුද්ගල ස්වභාවය නසයි. පුද්ගල ස්වභාවයේ සිටින්නා අත්හැරීම නසයි !
අත්හැරීමේ අවසානයේ කෙනෙක් සිටිය නොහැක, සිටිනවා නම් කෙනෙක් අත්හැරීම අවසන් වී නැත !
පිං පොත බලන්නා භවගාමියාය, පව් පොත බලන්නා පාරමී පුරන බෝධිසත්ත්වයාය !
බුදුන් වදින ඔබ බුදු ගුණ දැක්කෙහිය, එම ගුණ ඔබ තුල දැක්කෙහිද ?
ඔබේ ලෝභය වස්තුවට වටිනාකම තීරණය කරයි. ඔබේ මොඩකම එය අයිති කරගන්න උතසහ කරයි !
කෑ දේ නොසිතන්න,
දුන් දේ නොකියන්න,
වරද නොසගවන්න,
සැප නොපතන්න,
දුක නොසොයන්න,
අනුන්ගෙ දේ නොගන්න,
තමකම රක්ෂා නොකරන්න,
මය පුරුදු කිරීමට මතක නැති නොකරන්න !!!
නිවීම ඔබ තුල සැගවී ඇත. ඔබද කෙලෙස් තුල සැගවී ඇත !
ඔබ ඔබේ කෙලෙස්වලින් දිනපතා ගුටි කන්නෙහිය.
නිකෙලෙසින් කෙලෙසට ගුටි දෙන්නෙහිය.
රාගයෙන් ලෝභයෙන් ද්වේශයෙන් ගුටි කන්නෙක් නොවී , මාර පරාජය කරන ගුටි දෙන්නෙක් වන්න!
පෘතජ්ජනය !
ඔබ කැමති කාන්තාවට හෝ පුරුෂයාට නොව රාගයටය !
කොපමණ කල් කාම පිනවන්නෙහිද ?
එයි නිමාව ඔබ දන්නෙහිද ?
පිනවීමෙන් තෘප්තිය ලැබුවෙහිද ?
අහෝ
ඔබට වන විපතක මහත,
අසමසම මිනිසත්කම ආදරයට උකස් කලෙහිද?
අසමසම මිනිසත්කම දේපලට උකස් කලෙහිද?
අසමසම මිනිසත්කම දරු සෙනහසට උකස් කලෙහිද?
අසමසම මිනිසත්කම රාගයට උකස් කලෙහිද?
අසමසම මිනිසත්කම ලෝභයට උකස් කලෙහිද?
අසමසම මිනිසත්කම රැකියාවට උකස් කලෙහිද?
අසමසම මිනිසත්කම අධ්‍යාපනයට උකස් කලෙහිද?
එහි කෙලවර දුකත් අසරණකමත් කනගාටුවත් තනිකමත් මිස වෙන කුමක්ද? නින්දෙන් කොපමණ කල් තව සිටින්නෙහිද? අවදි වන්න නිවීම ඔබ අමතයි !
උවටැන් ෴
ඔබ අසුවීමට නම් අත්හරින්නේ අත්නොහැර සිටීම ඔබට යහපති !
තව යමක් අල්ලාගැනීමේ අවස්ථාවට නම් අත්හරින්නේ එම අත්හැරීම අල්ලාගත් එතැනමය !
“ තමාට අසු වී ඇත්තාට නිවන අසු වී නැත. මන්ද ඔහු නිවනට අසු වී ඇත ”
කමටහන
තමාටවත් අසු නොවන ලෙස අත්හරින්න. ඔබ සතුව ඇත්තේ අනුන්ට දීම සදහා රදාපැවැත්මකි. එය කවදා හෝ ඔහුන් සතු වනු නිසැකය.
එබැවින්
මම දුන්නා නොව ඔහුන්ගේ දේ ඔහුන්ට භාර දුන්නා. සිහියෙන් විමසන්න !
මට ලැබුණා නොව මට ලැබෙන්න තිබුණ දේ ඔහුන් මට දුන්නා !
මෙලෙස සෑම ගනුදෙනුවක්ම සිහියෙන් දකින්න. ඔබේ නිවීම ඔබ තුලය. එය ඔබ දකින්නේය. එය නිසැකය.
සැලකිය යුතුයි !
යමෙක් යමකට කැමති වන්නේ තව යමකට අකැමති නිසාය.
යමෙක් යමකට ප්‍රිය වන්නේ තව යමකට අප්‍රිය නිසාය.
අටුවාව
අත්හරින බොහෝ දෙනා දුන් දේ ගැන මාන්‍යය නිර්මානය කරගනී. එයින් වස්තුවට අසු නොවුනද තමාට අසු වෙයි. සැබැවින්ම අත්හැරියෙහි නම් එතැන පුද්ගලයෙක් නැත. එසේ නම් අත්හැරියේ මම නොවිය හැක. අත්හරින කල මම යන ස්වභාවය ඇති නොවීමට අත්හරින්න. එසේ අත්හරින අත්හැරීම මහත්ය. ප්‍රශංසාවටද කෙනෙක් නැත්තේය. ඔබ මෙසේ විය යුතු නොව, අත්හැරීම මෙසේ විය යුතුය.
ටීකාව
ලෝභය ඇත්තා අසු වන්නේ වස්තුවටය.අලෝභයන් අත්හැරගන්නා අසු වන්නේ තමාගේ අත්හැරීමටය එනම් තමාටය. අත්හැර්‍රමට දුන් වටිනාකම මෙයට ඒතුවයි.
සරලාව
ඔබ අත්හරින කල අත්හරින දේ ඔබ සතු දෙයක් නොව අන්සතු දෙයක්ය. මන්ද වෙනකෙකුගෙන් ඔබ සතු විය. ඔබගෙන් අන් සතු විය. දීමක් නොව ණය ගෙවීමක්ය. අත්හැරීමක් නොව භාරකාරත්වය පැවරීමක්ය.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ