නිවීමේ පණිවිඩය රැගත්-13

නිවීමේ පණිවිඩය රැගත්… 13



අයිතිය අයිති නොකරගන්නා අයිතියෙන් පමණක් නොව ඉපදීමේ අයිතියද අයිති නැති කරගන්නේය !
කොපමණ අත්හැරියත් තමන් දුන්නාය, තමන් හැදුවාය තුල තම හිමිකම පවතින්නේය !
තම අයිතිය පවතින තාක් ඔබ සසරට, සසර ඔබට !

යමක් දීම අත්හැරීම යැයි අප අසා ඇත. යමක් ලැබීම පවා අත්හැරීමකි. මක්නිසාද යමක් ලැබෙන්නේ එයි
කුෂලය අත්හැරෙන විටය !

රහතෙක් හමුවීමට උත්සහ දැරුවේය,
තමා තුලින් රහතෙක් අවදි කිරීමට අමතක කලේය !
“මරණය” කිසිවක් අයිති නැති බව මතක් කරයි!

මරණානුසතිය වඩන්නාට හිමිවන්නේ මරණය නොව, ජීවිතාශාවත් ජිවිතවටිනාකමත්ය !
දිනුමට දිසාවට දුවන්නා ක්‍රිඩකයාය. ආපස්සට දුවන්නා ආර්්‍යයාය !
අසත්පුරුෂයා සත්පුරුෂකමේ සාපේක්ෂකයයි.සත්පුරුෂයා අසත්පුරුෂකමේ සාපේක්ෂකයයි.


අවවාද පිළිගන්න අයට අවවාද කෙලෙමි. අවවාද නොපිළිගන්න කැමති අයට නිශ්ශබ්දතාවයෙන් උදව් කෙළෙමි !



පුද්ගලයන් පිළිබද වස්තු පිළිබද අයිතිය පවතින තාක් අත්හැරීමක් එතැන නැත. ඔබේ දරුවෝ සංසාරේ බොහෝ අයට
දරුවෝ වු අයය.
ඔබේ වස්තූන් සංසාරේ බොහෝ අය අයිතියේ පැවතුන එවාය. කිසිවක් අයිති නැති කොට අයිතිය කියන්නේ ඔබ නොව ඔබේ අඥානකමය මෙය ඔබ සතු සියලු දෙයින් දකින්න !


ආලෝකය අවශ්‍යවන්නේ විනිවිද දැක්මටය !
අදුර අවශ්‍යවන්නේ පෙනෙන දේ සැගවීමටය !


රාගය ඇත්තා කයට අසුවෙයි !
ලොභය ඇත්තා වස්තුවට අසුවෙයි !
රහතා සම්මාවට අසුවෙයි !

සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !



දුන් දේ දුන්නාය යන මතකය මත එයි අයිතිය තවම ඔබ සතුය. දුන් දේ අනුන්ගේය එයට අයිතියක් කුමටද ? අයිතිය අත්හැරීම, ඔබේ අත්හැරීම සම්පූර්ණ කරයි.


යමෙක් යමක් දෙන්නේ එයි අයිතිය ඔහුට ඇති නිසාය. අත්හරින විට එම අයිතිය අතහැරෙන්නේ දැයි විමසන්න.



දුන් දේ අත්හල දේ ලියා තැබීම, (පිං පොතේ) මතක තබා ගැනීම, පුවරුවල සටහන් කිරීම,
සන්නස් ලියවා ගැනීම, ජීවන භුක්තිය තබාගෙන ඔප්පු ලියන්නාක් වැනිය. 



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top