නිවීමේ පණිවිඩය රැගත්… 14

දහම් පදය
“ ඔබට කිසිවක් අයිති නැත,
ඔබත් කිසිවකට අයිතිද නැත,
අත්හැරුන මානසිකත්වය මෙය නම් ඔබ තවම අත්හැර නැත “
ලෝකයේ බොහෝ දේ දන්නාවු ඔබ ඔබට කිසිවක් මෙලොව අයිති නැත යන්න දන්නෙහිද!
ඔබේ අයිතිය ඔබටද නැති කොට අයිතියක් වෙන කාටද !
ලෝකයම ඔබ දිහා බලන්නාසේ සිතා හැඩ වන්නේහිය. කපුටෙක්වත් බලන්නට තම දිහා නැති බව දන්නෙහිද?
ඔබ ලස්සනයි කියා සිතන්නෙහිද, හැඩයවත්, කෙට්ටුවවත්, තරබාරුවවත්, සමේ පාටවත් ලස්සන නොවේ නම් ඔබේ ලස්සන කොතැන්හීද!
ඔබේ රහතා ඔබට ඔබ මිස වෙන කවරහුද !
“මරණය” වෙන්වීමක් නොව පාරමිතාවට තවත් පාඩමකි !
බුදුධානුසතිය වඩන්නා තම චරිතයෙන් බුදුන් හැදින්නේය, !
බඩගින්න කෑම සොයයි !
රාගය ස්පර්ශය සොයයි !
මාන්‍යය ගෞරවය සොයයි !
ලෝභය වත්කම් සොයයි !
දුක නිවීම සොයයි !
පෘතජ්ජන ලෝකයේ සියල්ල සාපේක්ෂකය මත රදා පවති.
කිසිම සාපේක්ෂකයක් නොමැතිව සාපේක්ෂකයම
සාපේක්ෂකයක් වු ධර්මතාවයකි
“නිවන”
උවටැන් ෴
• විශ්ව විද්‍යාල අධ්‍යාපනය බැදීම් ඇතිකරයි !
• විශ්වය නම් විද්‍යාලයේ අධ්‍යාපනය බැදීම් නැති කරයි !
කමටහන
ඔබ යමකට බැදිලද, යමක් ඔබට බැදිලද දෙතැනම අත්හැරීම සිදු වී නැත. ඔබ අසුවන්නේ කුමටද? ඔබට අසු වන්නේ කුමක්ද? මෙය සිහියෙන් දකින්න !
සැලකිය යුතුයි !
අහෝ පෘතජ්ජනය,
ඔබ දකින දේ ඔබේ පැවැත්මයි
ඔබ අසන දේ ඔබේ පැවැත්මයි
ඔබ දන්න දේ ඔබේ පැවැත්මයි
ඔබ කරන දේ ඔබේ පැවැත්මයි
ඔබ සිතන දේ ඔබේ පැවැත්මයි
පේන දේ ඔබේ නිවීමයි
ඇසෙන දේ ඔබේ නිවීමයි
දැනෙන දේ ඔබේ නිවීමයි
කෙරෙන දේ ඔබේ නිවීමයි
සිතෙන දේ ඔබේ නිවීමයි
අටුවාව
මෙලොව පවතින කිසිවක් කිසිවෙකුට අයිති නැත. මෙය පිලිගන්න පෘතජ්ජන සිත සුදානම් නැත. එක්කෝ අප අයිතිය කියමින් අසු වෙනව, නැත්නම් යමක් අපට අයිතිය කියමින් අසු කරනව.
ටීකාව
ඔබට කිසිවක් අයිති නැත යන්න අයිතිව ඇත. ඔබට යමක් අයිතිව ඇත යන්න අයිතියේ නැත.
සරලාව
සියලුදේවල අයිතිය විශ්වයටය. කර්මය එයි ස්ථාන උවමාරුවය. රදවාගැනීම පෘතජ්ජන ස්වභාවයය.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ