නිවීමේ පණිවිඩය රැගත්-16

නිවීමේ පණිවිඩය රැගත්… 16




ඔබ සතියෙන් කෙලෙසයෙන් වෙන්වනවා නොව, සතිය කෙලෙසයෙන් ඔබ වෙන් කරන්නේය !

සියල්ලෙන් වෙන්වීමට සිහිය අවශ්‍යය. සිහියෙන් වෙන්වීමටත් අවශ්‍ය වන්නේ සිහියමය !

සියල්ල සිහියෙන් සංසිදේ ,
සිහියෙන් සිහිය කිසිදා නොසංසිදේ !

අසීහියෙන් සිටින බව දැනගැනීම පවා සිහිය පැවැත්වීමයි !

නිදහස් වීමට උත්සහ දරන්නේ නාම රූප වලින්ය , ඔබේ නිදහස ඇත්තේ එම නාම රූපවලමය !

අපට සිහිය අවශ්‍යය, නුමුත් සිහියට අප අවශ්‍යය නැත !

විශ්වයේ අවශ්‍යතාවයට මා නිර්මාණය වුවා මිස මා විශ්වයේ ඉපදුනා නොව !

අල්ලගන්නා සියල්ලේ අයිතිය කෙලෙසයටය, අත්හරීන සියල්ලේ අයිතිය අත්හරීන වස්තුවටමය.



සිහිය අවම වන අවස්ථා

හැගීම්බරවන අවස්ථා සිහිය අවම කරයි .
තෘෂ්ණාධික අවස්ථා සිහිය අවම කරයි .
රාගික අවස්ථා සිහිය අවම කරයි .
ආදර අවස්ථා සිහිය අවම කරයි .

සෙනෙහස් අවස්ථා සිහිය අවම කරයි .
සාංකා අවස්ථා සිහිය අවම කරයි .
ගැටෙන අවස්ථා සිහිය අවම කරයි .
තරහයන අවස්ථා සිහිය අවම කරයි .

අධික මහන්සි අවස්ථා සිහිය අවම කරයි .
අතීතයේ පවතින අවස්ථා සිහිය අවම කරයි .
අනාගතේ පවතින අවස්ථා සිහිය අවම කරයි .
නිදිමත අවස්ථා සිහිය අවම කරයි .

කෑදර අවස්ථා සිහිය අවම කරයි .
කලබල අවස්ථා සිහිය අවම කරයි .
අනතුරු අවස්ථා සිහිය අවම කරයි .
රෝගි අවස්ථා සිහිය අවම කරයි .

අධික ධනය සිහිය අවම කරයි .
නිලතල සිහිය අවම කරයි .
බලය සිහිය අවම කරයි .
ආහාරවල රස අවස්ථා සිහිය අවම කරයි .

රූප සිහිය අවම කරයි .
සබ්ද සිහිය අවම කරයි .
ඝන්ධ සිහිය අවම කරයි .
ස්පර්ෂ සිහිය අවම කරයි .
සිතුවිලි සිහිය අවම කරයි .



සිහිය යනු සිත හදුනා ගැනීමය, සිත විසින්  සිත දැකීම සතියයි. සෑම ඉරියව්වකම සිහිය පවත්වන්නා සිහිය පුරුදු කරන්නාය. සිහියෙන් සෑම ඉරියව්වන්ම දකින්නා සිහියෙන් වසන්නාය. ඔබත් සිහියෙන් වසන්නට
( වාසය කරන්නට ) පීඩනයකින් තොරව නිදහසේ කටයුතු කරන්න. නුමුත් සියල්ල සිහියෙන් දකින්න.


කැමැත්තෙන් අල්ලා ගනිමුව, අසිහියෙන් අසු වෙමුව, සතියෙන් නිදහස් වන්නෙමුව


සෑම මොහෝතකම සිහියෙන් සිටියමුත්, සිහියෙන් සිටිනබව නොදන්නා හේතුවෙන් අසිහියේ සිටිමුව. 


අත්හරින ඔබ: අත්හරින දේ නැවත අත්නොහෑරීමට අත්හැරීමෙන් අහිමි වන වස්තුවේ අයිතිය එම වස්තුවටම දී අත්හරින්න !


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top