නිවීමේ පණිවිඩය රැගත්… 17

දහම් පදය
“ යමෙක් යමක් අත්හරින්නේ තවත් අල්ලාගැනිමට නොහැකිකම නිසා නොව, අත්හැරීමේ ක්‍රමය ඒ තුල තිබුණ නිසාය “
අල්ලාගැනීමට ක්‍රමයක් තිබුණාසේ ඒ තුල අත්හැරීමටද ක්‍රමයක් ඇත !
සෑම අත්හැරීමකම අල්ලාගත්තාවු උවමනාවක් ඇත. එම උවමනාව නැවත අත්හැරීමක් නිර්මාණය කරයි !
ඔබ දිනපතා ඔබව රවට්ටනවා නොව, කෙලෙස්වලින් දිනපතා ඔබ රැවටෙන්නේය !
ඔබ අල්ලාගත්තේ කෙලෙසද ? අත්හැරිය යුත්තේ එලෙසමය !
කවදා හෝ මොහොතක සියල්ල අහිමිවන්නේය. එම මොහොත මෙය බව සිහි කරන්න !
මෘත දේහයක් දකින කල, එය ඔබමයැයි දකින්න. අත්නොහැරියත් අවසරයකිත් තොරව සියල්ල අත්හැරේ !
කෙල සොටු සෙම දහඩිය කබ සැරව මල මුත්‍රා කයේ නිර්මාණයයි. මෙයට තවම ඔබ ප්‍රියද ?
* කුණු කුණුගොඩට ප්‍රියවනවා මිස තවත් කුමට නම් ප්‍රිය වන්නේද !
නිවෙන්නේ කෙසෙදැයි කල්පනා කලේය. ඇවිලෙන දේ නිවන්න උත්සහ කලේද !
ඔබ ඔබට අවංක වන්න. එවිට සියල්ලෝ ඔබට අවංක වනු ඇත !
ලෝකයා විශ්වාස නැත්තේ මන්දැයි කල්පනා කරනවාට වඩා ඔබ ලෝකෙට විශ්වාස වන්නේ කෙසේදැයි කල්පනා කරන්න !
උවටැන් ෴
අත්හැරෙන අවස්ථා
• අනුන් ගැන සිතන්න ඔබ ගැන සිතීම අත්හැරේ.
• අනුන්ට දෙන්න ඔබට ගැනීම අත්හැරේ.
• සියලු සත්ත්වයා වෙනුවෙන් ජීවත්වන්න, ඔබේ ජිවිතාශාව අත්හැරේ.
• අනුන්ට වටිනාකම දෙන්න ඔබේ වටිනාකම අත්හැරේ.
• අධිකව සවන් දෙන්න කථා කිරීමේ අවශ්‍යතාවය අත් හැරේ.
• සමාව දෙන්න පලිගැනීමේ අවශ්‍යතාවය අත් හැරේ.
• කිසිවක් මගේ යැයි නොසිතන්න තමකම අත්හැරේ.
• ඉගෙනගන්න( විශ්වයෙන් නිවීම ). ඉගැන්වීමේ ( අනුන් හදන ) අවශ්‍යථාවය අත්හැරේ.
• කෙරෙන්න හරින්න. කිරීමේ උවමනාව අත්හැරේ.
• ඇහෙන්න හරින්න. ඇසීමේ උවමනාව අත්හැරේ.
• පේන්න හරින්න. දැකීමේ උවමනාව අත්හැරේ.
• සිතෙන්න හරින්න. සිතීමේ උවමනාව අත්හැරේ.
• දැනෙන්න හරින්න. දැනගැනීමේ උවමනාව අත්හැරේ.
• සැමෝටම උපකාර කරන්න. උපකාර ගැනිම අත්හැරේ.
• “සියල්ලේ අයිතිය අනුන්ට දෙන්න අත්හැරීමේ අවශ්‍යතාවය අත් හැරේ”.
කමටහන
සෑම අල්ලාගැනීමකටම ක්‍රමයක් ඇත. එම අල්ලාගැනීම තුලම අත්හැරීමේ ක්‍රමයද ඇත. තමා අල්ලාගෙන සිටින දේවලද , අසුවී වී සිටින දේවලද අත්හරින ක්‍රමය හදුනාගෙන එයින් නිදහස් වීම පුරුදු කරන්න.
සැලකිය යුතුයි !
අත්හරින ක්‍රමය නම් අල්ලාගත් ක්‍රමයමය. අල්ලාගත් ක්‍රමය නම් අත්හැරීමේ ක්‍රමය නාහදුනන කමය.
අටුවාව
සෑම වස්තුවම ඇතිවන කාලයක් ඒ තුලම ඇත. එදින එය අත්හැරේ.
ටීකාව
අල්ලාගැනීමට දනිමුව, එසේ නම් අත්හැරීමටද දනිමුව. මක්නිසාද එකම ක්‍රමයේ දෙයාකාර ක්‍රියාවලියකි.
සරලාව
ඔබ අත්හරින දේ තවකෙනෙකුගේ අල්ලාගැනීමට හේතුවක් නොවීම ඔබේ වගකීම වුවා පමණක් නොව, ඔබ නැවත අසු නොවීමද සිදු විය යුතුය !
• දන් දෙන දේ තව කෙනෙකුට නිවීමක් නොවි එයින් අල්ලාගැනීමක් සිදු වේ නම් අප කර ඇත්තේ අකටයුත්තකි.
• වර්තමානයේ බෝහෝ අය අත්හරිති. එම දේවල් අල්ලාගෙන මාලිගා තනාගෙන පැවැත්මට යන අය බොහෝය. එම අයගේ දුකට පැවැත්මට අත්හැරිය අය නොවේද හේතුව.
• ඔබ අත්හරින්නේ එයින් නිදහස් වීමට නම් තවකෙනෙක් අසුවනසේ අත්හැරීම කොපමණ අසාධාරණද ?
• ඔබ අල්ලගත් දේ ඔබට ප්‍රශණයක් නම් අත්හරින්න. අවකෙනෙක් අසු කර අකටයුත්තක් නොකරන්න.
• බොහෝ දෙනෙක් ධනය අත්හරිති. නුමුත් එවා රැගෙන තවත් අය පොහොසත් වෙති. ධනය ඇත්තාට තිබූ ප්‍රශ්ණ එය රැගෙන පොහොසත් වු දුප්පතාට නැතැයි ඔබට කිව හැකිද ?
• ඔබ නිසා යමෙක් යමක් අල්ලාගනී නම් එයින් හටගන්නාවු දුකේ අයිතිකාරයා ඔබයි.
• ඔබේ ප්‍රශ්ණය තවකෙනෙකුට නොදී අත්හරින්න.
• ඔබේ අත්හැරීමේ ප්‍රතිඵලය තාපසයා පොහෝසත් වුවා. තාපසයාගේ නීවීම අහිමි වුයේ ඔබේ අත්හැරීම නිසා නොවේද ?
“ තව කෙනෙකුගෙ ඉපදීමට දීමට වඩා එම දීම නොදී සිටීම වඩා යහපත “
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ