නිවීමේ පණිවිඩය රැගත්-19

නිවීමේ පණිවිඩය රැගත්… 19




ඔබ සතුව තිබෙන සියල්ල කවදා හෝ දිනක අත්හැරෙන බව දන්නෙහිද !

ඔබ කැමැත්තෙන් ලංකරගත්, අල්ලාගත්, ඉල්ලාගත්, හම්බකරගත් දේ කීයෙන් කීයක් එසේ එලෙස පවතීද !

කුමණ වස්තුවෙන් කුමණ සෙනෙහසින් දුක පැමිණෙන්නේද? එම වස්තුවෙන් එම සෙනෙහසින් වෙන් වන්න. 
එවිට දුකද වෙන් වනු ඇත !

ඔබ ඔබට සත්‍යවාදි වෙනවට වඩා, ඔබේ නිවීමට   
සත්‍යවාදි වන්න !

තමා ගැන තමා නොදැන, ලෝකයේ මොනවා දැනගත්තත් එයින් ඇති ඵලය කුමක්ද !

ඔබ ඔබට හිතෙන දේ නොකර ඔබේ නිවීමට ගැලපෙන දේ කිරිමට දක්ෂ වන්න !

ජලය නැතිකොට මත්‍සයන් ජීවත් නොවන්නා සේ, කෙලෙස් නැති කොට අපටද ජීවත් වීමේ අයිතිය අහිමි වේ!

ඉර පායන්නේම බහින්නමයි. ජීවින් ඉපදෙන්නේම මැරෙන්නමයි. ඉරේ මරණානුසතිය දුටුවෙයිද !

අනුන්ගෙ දේවල් ඉගෙන ගන්නවට වඩා තමන්ගෙ දෙවල් ඉගෙන ගන්නා බෝධිසත්වයාය!

දරුවට ආදරය කරන්න. ආදරේට ආදරය නොකරන්න. ඔබ අසුවන්නේ දරුවට නොව ආදරයට බව
මතක තබා ගන්න !



කලකිරෙන අවස්ථා

• ඔනෑම දෙයක් ඕනෑවට වඩා පරිභොජනය කලොත් කලකිරේ.

උපමාව:-
ප්‍රදර්ශණාගාරයෙන් ගෙනා අලුත් වහනය මුල් යුගයේ ගේ ඇතුලේය. අවුරුදු පහකිත් පිටුපස මඩුවේය. සමහරවිට එය සුනඛයන්ගේ නිවහනය.

• එකම දෙයක් නිතර සවන් දුන්නොත් කලකිරේ.

උපමාව:-
දෙමව්පියන්ගෙ අවවාද නිතර ඇසෙන දරුවාට අවවාද පමණක් නොව දෙමව්පියනුත් කලකිරේ, එයි ප්‍රතිඵලය දරුවෝ දෙමව්පියෝ වෙන්වීමය.

• එකම දේ නිතර දුටුවොත් කලකිරේ.
උපමාව:-

රූරැජිනයි රූරජුයි විවාන වුනත් මාස තුනකට වඩා එකිනෙකා දිහා බලා සිටිය නොහැක. වෙන මුහුණක් දකින්නට ඔවුන්ට දරුවෙක් අවශ්‍ය වෙනවා නොවේද.


සෑම අල්ලාගැනීමක්ම කලකින් කලකිරුණ විට අත්හැරේ. මෙය ආශ්වාදය, ආදීනව, නිස්සරණය යැයි භාග්‍යවතුන් වහන්සේ සදහන් කරනවා. 
* ආශ්වාදය යනු ඔබ සතු දේ පරිභෝජනයයි.
* ආධීනව යනු පරිභෝජනය තේරුම් ගැනීමයි.
* නිස්සරණය යනු ඒ දේ තුලින් හටගන්නා කලකිරීමයි. 
සෑම පරිභෝජනයකදීම මෙය පුරුදු කරන්න.


සෑම අල්ලාගැනීමක්ම කලකින් තවකෙනෙකුට දෙන්න තරම් ඉදිරිපත් වන්නේ අත්හැරුන නිසා නොවේද.


අප කොපමණ වෙර දැරුවත් තබාගන්නට, වස්තුව අකැමැතිය රැදෙන්නට අප ලගය.


සෑබෑ වරදකරු රවට්ටන්නා නොව, රැවටෙන්නාය. මක්නිසාද යමෙක් රවට්ටන්න තරම් ඔහු අඥානව සිටි බැවින්ය. දෛනිකව නාම රූපවලට රැවටෙන ඔබ විශ්වයේ වරදකරුය.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top