නිවීමේ පණිවිඩය රැගත්-24

නිවීමේ පණිවිඩය රැගත්… 24



යමෙක් යමක් අල්ලාගන්නේ වස්තුවේ අවශ්‍යතාවයට නොව ඔහුගේම අවශ්‍යතාවයටය !

තමකම ඇත්තා සියල්ලේ අයිතිකාරයාය, තමකම නැත්තා සියල්ලේ අයිතිය නැත්තාය!

මාන්‍යයේ ස්වභාවය අයිතිවාසිකමය , අයිතියෙන් බැහැර වීම නිරෝධයේ ස්වභාවයය!

තමකම අත්හරින්නාට අත්හැරීමට කිසිවක් ඉතිරිව නැත !

කොපමණ දන් දුන්නත් මාන්‍යය නැවත සසරට අසු කරයි !


ඔබව ඔබ අත්හරින්න එවිට සියල්ල අත්හැරේ !

ඔබ රැස් කරන්නේ ඔබ නිසා නොව, ඔබේ ජීවිතාශාව නිසාය !

අහෝ පෘතජ්ජනය ,
ඔබේ අත්හැරීම පවා සිදු වන්නේ ඔබේ මාන්‍යයේ පෝෂනයට නම් ඔබේ අත්හැරීම අකටයුත්තකී.  තවත් කොපමණ කල් මාන්‍යය නඩත්තු කරන්නෙහිද, ඉපදීමේ දුක ඔබට එපමණ සුන්දරද ? කුමක් නිසා සංසාරේ නවාතැන්ගෙන විදවන්නෙහිද ? 

පිබිදෙන්න !
නින්දෙන් අවදිවන්න.
තමකම නඩත්තුවෙන් නිදහස් වන්න.
මමෙන් තොර ජීවිතයට හැඩ වන්න.

සිහි තබාගන්න !!!
ඔබ සසරෙන් නිදහස් කරන්නේ ඔබමය, ඔබට ඔබ මිස තවත් පිහිටක් නැත. 
ඔබේ ගැලවුම් කාරයා ඔබ ගලවන්නට ඔබ අභිමුඛයේය, නොසොයන්න එය වෙනෙකෙකු නොව ඔබමය.



මාන්‍යය නඩත්තුවන අවස්ථා


• පෙලපත් නාමය තුල මාන්‍යය නඩත්තු වේ. 


• ගෞරවය තුල මාන්‍යය නඩත්තු වේ.


• අධ්‍යාපනය තුල මාන්‍යය නඩත්තු වේ.


• උපාධිය තුල මාන්‍යය නඩත්තු වේ.


• ගරු නාම තුල මාන්‍යය නඩත්තු වේ.


• වස්තුව තුල මාන්‍යය නඩත්තු වේ.


• රැකියාව තුල මාන්‍යය නඩත්තු වේ.


• නිලතල බලතල තුල මාන්‍යය නඩත්තු වේ.


• පිලිගැනීම තුල මාන්‍යය නඩත්තු වේ.


• ප්‍රශංසා තුල මාන්‍යය නඩත්තු වේ.


• වත්කම් තුල මාන්‍යය නඩත්තු වේ.


• ප්‍රභූ ඇසුර තුල මාන්‍යය නඩත්තු වේ.


• ප්‍රසිද්ධිය තුල මාන්‍යය නඩත්තු වේ.


• දියුණුව තුල මාන්‍යය නඩත්තු වේ.


• ධර්මාවබෝධය තුල මාන්‍යය නඩත්තු වේ.


• ආර්ය ඇසුර තුල මාන්‍යය නඩත්තු වේ.


• දැනුම තුල මාන්‍යය නඩත්තු වේ.


• මාර්ගඵල දෘෂ්ඨි තුල මාන්‍යය නඩත්තු වේ.


ඔබ නිතර ඔබව නඩත්තු කරන්නෙහිය. ඒ තුල නඩත්තු වන්නේ ඔබ නොව, ඔබේ මාන්‍යය. 
සතර ඉරියව්වෙන් නිහතමානිකම පුරුදු කරන්න. ඒ තුල තමකම සමග සියල්ල අත්හැරෙන්නේය

සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !


ඔබ ස්පර්ෂ කරන සියලු දේ තුල ඔබ සිටින්නේය.
සෑම පරිභෝජනයකම ඔබ සිටින්නේය.
සෑම ඇසීමකම ඔබ සිටින්නේය.
සෑම ඇසිරීමකම ඔබ සිටින්නේය.
සෑම සිතුවිල්ලකම ඔබ සිටින්නේය.


එසේ නම් අත්හැරීයේ කුමක්ද ?
ඔබ ඔබට අත්හැරෙන තෙක් අත්හැරීමේ නිමාවක් තවත් ඇද්ද ?


කිසිවක් අල්ලාගෙනත් නැත. 
කිසිවක් අත්හැරත් නැත.

අල්ලාගැනීමත් සිතය.
අත්හැරීමත් සිතය.

මමය අත්හැරීමට වෙර දරයි.
නැත්තේද මම කරන්නේ අනුන්ගෙ පරිභෝජනය මිස අයිතිවාසිකමක් තවත් එතැන නැත.


තමාව අත්හරින්නා සියල්ල අත්හරින්නේය. මක්නිසාද,තමකම නැතිකොට ඉතිරිව ඇද්ද යමක් අත්හැරීමට ඔහු වෙත.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top