නිවීමේ පණිවිඩය රැගත්-25

නිවීමේ පණිවිඩය රැගත්… 25




යමෙක් සිහිය පවත්වයිද 
සියලු අකුසල යටපත් වී කුෂලය මතු වේ.

යමෙක් අසිහියෙන් පවතීද 
සියලු කුසල යටපත් වී අකුෂල මතුවේ.

සත්ත්වයෙක්,
හිංසා කරන්නේ
අන්සතු දේ හිමි කරගන්නේ
අනාචාරයේ හැසිරෙන්නේ
අසත්‍ය ප්‍රකාශ කරන්නේ
කාම පිනවන්නේ අසිහියෙන් බව තහවුරුය.

අසිහිය පවතින විට බුද්ධිය යටපත් වී හැගීම් ක්‍රියාත්මකය.
සිහිය පවතින විට හැගීම් යටපත් වී බුද්ධිය ක්‍රියාත්මකය.

අනුවනකම කුසලය අකුසලය කර ගනී.
ප්‍රඥාව අකුසලය පවා කුසලය කර ගනී.


කුසලය නිවීම ඇති කරයි. අකුසලය විඩාව උපදවයි.



•  සත්ත්වයෙක් කුසලයෙන් සැප විදියි. අකුසලෙන් දුක් විදියි. දෙකම ඉපදීමේ දුකක්ය.

•  සිහියෙන් කුසලයද, කුසලයෙන් නිවීමද හට ගනී.

•  කුසලය උපදවන්නා බෝධිසත්ත්වයාය. අකුසලය උපදවන්නා අපා ගාමියාය.



සතර ඉරියව්වේ සිහිය සතර ආකාරයේ කුසල් අවධි කරයි. අවධි වු කුසල් නිවීම ඇති කරයි. 

සතර ඉරියව්වේ සිහිය පුරුදු කරන්න.


කුසලය අකුසය තීරණය වන්නේ නිවීම නොනිවීම මතය. නිවීම නොනිවීම තීරණය වන්නේ ප්‍රඥාව මතය.


කුසලයෙන් නිවෙන්නා පින් වන්තයාය.
අකුසලෙන් නිවෙන්නා බෝසත් වීරයාය.


සෑම නාම රූපයක්ම නිවන කියයි.
සෑම සිදුවීමක්ම නිවීමටයි.
කුසල් අකුසල් දෙකම සසරේ නිමාවටයි.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top