නිවීමේ පණිවිඩය රැගත්… 26

දහම් පදය
“ යමෙක් යමක් අත්හරින්නේ තමා ඒ දේ අත්හරිනවා යන්න දැඩි ලෙස පලමුකොට අල්ලාගෙනය “
අත්හැර ප්‍රමාණයට වඩා අත්හැරදේ පිළිබද අල්ලාගත් මතකයේ ප්‍රමාණය බහුලය !
දානයේදි සියල්ල අත්හැර, දුන්නාය යන්න නොඅල්ලගත්තෙක් සම්භවීද ?
බොහෝ විට ප්‍රඥාවන්තයා පවා අසුවන්නේ දානයට නොව, අත්හැරීමටය !
දුන් දේ මිහිරිය, දුන් දේ කියා පෑම අමිහිරිය !
බුදුරුවෙත් නම මුද්‍රාකොට හිමිකම් කියන ඇත්තා කුමට නම් හිමිකම් නොකියයිද ?
අත්හරින්නේ නිදහස් වීමට නම්, අසුවීමෙන් නිදහස අහිමි කරගන්නේ කුමටද ?
උවටැන් ෴
• බෝධිය අවබෝධයේ සංකේතය මිස, පඩුරු දවටනයක් නොවන්නේය.
• අත්හැරු අඩිතාලම බෝධියයි. බෝධි පූජා ප්‍රර්ථනා අල්ලාගැනීමට සාක්ෂියයි.
• තථාගත සම්බුද්ධත්වය ඉපදීම නවත්වන්නටය. උන්වහන්සේ වැද දරු සම්පත් අයැදීම මුලාවේ උපරිමය.
• අවබෝධය පිණිස බෝධි පූජා තබන්න. ප්‍රශ්ණවලින් මිදෙන්න එය දේවාලයක් නොකරන්න.
• භාග්‍යවතුන් වහන්සේ දුකට වෙදානෝය. උන්වහන්සේ ඖෂධවේදියෙකු නොකරන්න.
• මතකයන් දුකට ඉපදීමට හේතුවයි. බුදුන් වැද මතකය වැඩි කිරීමට ප්‍රාර්ථනා නොකරන්න.
• සීලය ඔබේ ආරක්ෂාව පිණිසය, සීලයේ ආරක්ෂාවට බුදුන් නොතබන්න.
• බුදුන් වැදීම ශ්රද්ධාවට නොවරදකි, අනුන්ගෙන් වැදුම් ලබන පිණිස වැදීම මුලාවකී.
කමටහන
සියල්ල අත්හැරිය අය පවා අත්හැරීමට අසු වෙති. අත්හැරදේට අසුනොවීමට,
දුන් දේ පාරට්ටු නොකරන්න !
දුන් දේ තමාගෙ දීමක් ලෙස නඩත්තු නොකරන්න !
දුන් දේට අයිතිවාසිකම් නොකියන්න !
දුන් මොහොතේ සිට අනුන්ගෙ දෙයක් කොට සලකන්න !
දුන් දේ තම වසගයේ නොතබාගන්න !
දුන් දේ පාලනය නොකරන්න !
දුන් දෙයින් ලැබෙන ගෞරවය නොසලකන්න !
එසේ කරන්නෙහි නම් ,
“ඔබත් පිරිනිවෙන ඇත්තෙකි, කිසිම නාම රූපයකට නොගැටී !!! “
අටුවාව
අත්හැර අත්හරින්න අත්හැරීමත් අත්හැරීමක්ය තවත් අත්හැරීමක් අත්නොහරින්නට.
ටීකාව
තමා වෙනුවෙන් අත්හරින්නා අත්හැරත් අත්හැර හිමිකම අත්නොහැර සිටියි.
සරලාව
අනුන් වෙනුවෙන් අත්හරින්නාට අත්හැරීමක් තමාට සිදු වී නැත. මන්ද ඔහුගේ අත්හැරීමේ සත්ත්වයෙක් නැත.
( දුන් දේ ඔබගේ නම් දීමට වඩා තමා සතු වීම අගනේය !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ