නිවීමේ පණිවිඩය රැගත්-28

නිවීමේ පණිවිඩය රැගත්… 28





භූතයෝ , භූතයෝ වන අවස්ථා

• ඔබ වැඩිපුරම අසුවන්නේ ඔබටය, තමාගෙන් තමා නිදහස් කරගන්නා භාග්‍යවන්තයෙක්ය !

• සියලු නාම රූප සතර භූතයෝ වසගයේය, ඔබ එම නාම රූප වසගයේය !

• නාම රූපවල හැඩබලන්නා පෘතජ්ජනයාය !
   නාම රූප හදුනන්නා තාපසයාය !
   නාම රූපතුල තමා දකින්නා ආර්්‍යයාය !

• දාල යන්නනම් මොකටද වස්තුවක්,
   මහලුකමටනම් මොකටද තාරුණ්‍යයක්,
   අස්ථිරනම් මොකටද දරු සෙනෙහසක්,
   සියල්ල දුකටනම් මොකටද පරිභෝජනයක්,
   නැත්නම් සත්වයෙක් මොකටද පාලනයක්,
   අයිතියක් නැත්නම් මොකටද දියුනුවක්,
   ඉපදීමට නම් මොකටද පැවැත්මක්,
   අවස්ථාවාදිනම් මොකටද ඥාතියෙක්,
   වාසියටනම් මොකටද යාලුවෙක්,
   දාල යන්නනම් මොකටද අඹු දරුවෝ

මෙය කවදා හෝ කල්පනා කර බැලුවෙයිද ? නොබැලුවා නම් දැන් කාලයයි බැලීමට !!!

• ඔබ , ඔබ නොවන බව ඔබ දන්නේ කෙදිනද, එදින ඔබ ඔබට නොව අනුන්ටය !

අහෝ පෘතජ්ජනය ,
ඔබ ඔබව තදින් අල්ලාගෙන කුමක් අතහැරියක් ඉන් කුමණ ඵලක්ද ?
ජීවිතය පුරාවටම තමකම පෝෂනය කරමින්, ඔබ ඔබට නින්දා කරන්නෙහිය.
දියුණුව පතන ඔබ දිනපතා පිරිහෙන්නේය.

ඔබ සතු වස්තුව එයට සාක්ෂියයි.
යුතුකම් වගකීම් වල පවා ඔබව නඩත්තු කරන්නෙහිය.
ඔබ තුල පවතින නිවන නොහදුනාගත් එක ඔබේ වරද මිස අනුන්ගේ නොවේය .


නිදහස් විය යුත්තේ ලෝකෙයන් නොව, තමාගෙන්ය. දවස පුරාවටම සියලු කටයුතුවලින් පරිභෝජනවලින් තමාව තමාගෙන් නිදහස් කර ගන්න. 



සිතේ ක්‍රියාකාරීත්වය අල්ලාගැනීම නම්,

දකින දේ ඇසිනුත්
ඇසෙන දේ කනිනුත්
දැනෙන දේ දිවෙනුත්
හැගෙන දේ කෙයනුත්
දැනෙන දේ නාසයෙනුත්
සිතෙන දේ සිතිනුත්
අල්ලා ගැනීමයි .

අල්ලාගන්න එකම නම් සිත, නිවීමට සිහියෙන් අල්ලාගනීම පහසුය !!!



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top