නිවීමේ පණිවිඩය රැගත්-30

නිවීමේ පණිවිඩය රැගත්… 30





• භෞතිකව හෝ නාමිකව යමකට අයිතිය ඇතිනම් නිවීමට එයින්, අවශ්‍යය අත්හැරීමක් !

• පූජා කල දේ පූජාකලාය යන මතකයට පවා, අවශ්‍යය අත්හැරීමක් !

• පූජා කල චීවරය තමා දුන්නායැයි මෙනෙහි  කරයි නම් නිතර, අවශ්‍යය අත්හැරීමක් !

• කල දේ කලායැයි සිතේ නම්, මිදීමට එයින් අවශ්‍යය අත්හැරීමක් !

• ඔබේ ප්‍රාර්ථනාව තමකම නිපදවයි නම්, අවශ්‍යය අත්හැරීමක් !

• මිත්‍රත්වය ධෛර්යය ගෙන දේ නම්, අවශ්‍යය අත්හැරීමක් !

• ඇත්නම් වත්කමක් මානසිකව, අවශ්‍යය අත්හැරීමක් !

• නිලයෙන් බලයෙන් හයියක් දැනේනම්, අවශ්‍යය අත්හැරීමක් !


කාමයෙන් කාමය කිසිදා නොසංසිදේ !
යමෙක් පලිගැනීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?

යමෙක් ධනවත් වීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?

යමෙක් අනාචාරයේ ඇසිරීමෙන් රාග ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ
තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?

යමෙක් සත්‍ය සැගවීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?

යමෙක් මත්වීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?

“දරුව, පංචකාමයෙන් වැලකි සිට බලන්න,
ඔබට නිවීම මිස අත්වන්නේ වෙන කුමක්ද !!! “



කිසිම භෞතිකයකට මානසිකත්වයකට අයිතිය නොකියන්න. මන්ද , හැම අයිතියක්ම සසරක් ගොඩ නගයි. අයිතියෙන් තොර පරිභෝජනය පුරුදු කරන්න.



ලොව අයිතිය කියන්නා නැවත ඇති වන්නේය,
ලොව අයිතිය නොකියන්නා ලොවෙන් නැති වන්නේය.



ඔබෙන් ඔබව සගවා ගන්නවාට වඩා ඔබට ඔබව හදුන්වා දීම අගනේය !


කිසිවක් තමාට අයිති නැහැ. යන අයිතිය සතු වන්න. එවිට නිවන ඔබ සතුය.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top