නිවීමේ පණිවිඩය රැගත්… 32

දහම් පදය
“ සියල්ල මනසින් අත්හැරියාම නිවන් දකිනවානම් , සියල්ල මනසින් අල්ලගන්න කලින් කිසිවක් අල්ලගෙන නැත්නම් නිවන් නොදැක්කේ මක්නිසාද ? “
උවටැන් ෴
නොඅල්ලා නිවන් නොදැකපු සත්ත්වයෝ
• අල්ලාගෙන නැත්තේ අවබෝධයෙන් නොව, අල්ලාගැනීමට අවස්ථාව නොලැබුණ නිසාය.
• අල්ලානොගත් වස්තුව හෝ සත්ත්වයා පිළිබද කර්මය එතැන ඇත. අල්ලන තෙක් අත්හරින කර්මය ඔබට නැත.
• අවධි නොවු කෙලෙස් නිරෝධ කරන ක්රමයක් කිසිත් නැත. හදුනාගත් කෙලෙස් නිරෝධයට අවස්ථාවක් ඇත.
• මතු වු ලෙඩේට ප්රතිකාර ඇතිමුත් නැති ලෙඩකට ප්රතිකාර කෙසේ කරම්ද ?
“හදුනානොගත් දේ අත්හැරීමත් එසේමය”
අවවාද
කොපමණ අත්හැරියත් තව තවත් අලුතෙන් අලුතෙන් අසුවන්නේ, ඒ සෑම දේ සම්බන්ධයෙන්ම අසු වෙන ක්රමය ඔබ තුල තිබූ නිසාය. පරෙස්සම් වන්න දැනට අසු නොවු දේට පවා අනාගතේ අසු විය හැකිය.
කමටහන
සියල්ල අත්හැරියා යැයි සතුටු නොවන්න. මන්ද, සියල්ල අත්හැරියේ රහතා පමණය. තවම අත්හැරීමට ඇති බවත් අලුතෙන් තව තවත් අසු විය හැකි බවත් සිහියෙන් සිටින්න.
අටුවාව
ජීවිතයේ සෑම මොහොතක්ම අවස්ථාවකි. ඒ සෑම අවස්ථාවකම අසු විය හැකියි. අසු වීම තවත් අත්හැරීමක ආරම්භයක් බව දැනගන්න.
ටීකාව
රහත් වෙනතෙක් අත්හරින්න. රහත් ඵලයෙන් ඔබව ඔබට අත්හැරේ. එය සසරේ නිමාවයි.
සරලාව
සත්ත්වයෙක් මවු කුසේදි කිසිම කෙලෙසයකින් තොර නම් ඉපදෙන්නේම රහතෙකි. එය එසේ නොවන්නේ කෙලෙස්
නැති නිසා නොව, අවධි වී නිරෝධ නොවු නිසාය.
(සියල්ල නිරෝධ විය යුතු මිස නිරෝධයට සීමාවක් නැත !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්රාවක සංඝ