නිවීමේ පණිවිඩය රැගත්-36

නිවීමේ පණිවිඩය රැගත්… 36



“ ඔබ පවතින්නේ පැවැත්මේ පවතින බැවින්ය ”





 නොපැවැත්මේ පවතිමුද

ඔබට අවශ්‍ය දේ ඔබගෙන්ම ගන්න. මන්ද ඔබට අවශ්‍ය දේ ඇත්තේ ඔබ තුලමය !

විඩාව ඇත්තා සැනසීම සොයයි

දුක ඇත්තා සතුට සොයයි

මහන්සිය ඇත්තා මිදීම සොයයි

දුප්පත් ඇත්තා වස්තුව සොයයි

ප්‍රශ්ණ ඇත්තා පිළිතුරු සොයයි

නොනිදහස් ඇත්තා නිදහස සොයයි

අවිවේක ඇත්තා විවේකය සොයයි

කුෂගිනි ඇත්තා ආහාර සොයයි

සේවක ඇත්තා නිවාඩු සොයයි

වහල් ඇත්තා ගැලවුම්කරු සොයයි

පිපාසාව ඇත්තා සංසිදීම සොයයි

නිවෙන ඇත්තා පැවැත්මට කිසිවක් නොසොයයි


සියල්ල පැවැත්ම ඇති කරන බවද , සියල්ල තුල පවතින පැවැත්මද සිහියෙන් දකින්න.

“ එවිට ඔබ නොපැවැත්ම තුල පවතිනු ඇත ”


පෘතජ්ජනයා,
නාම රූපවල පැවැත්ම සොයයි , පසුව
පැවැත්මෙන් මිදීම සොයයි , පසුව
මුදවන්නට ගුරුවරයෙක් සොයයි , පසුව
ගුරුවරයාගෙන් මිදීම සොයයි


පැවැත්ම නොපවත්වන්න.
නොපැවැත්ම තුල පැවතෙන්න.


ඔබට පැවැත්ම අවශ්‍ය වූවා මිස පැවැත්මට කිසිසේත් ඔබ අවශ්‍ය නැති බව ඔබ දන්නේහිද !



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top