නිවීමේ පණිවිඩය රැගත්… 37

දහම් පදය
“ තම අඩුපාඩු දුර්වලකම් නොසලකා අත්හරින්නේ කෙලෙසද, සියලු සත්වයන්ගේ අඩුපාඩු දුර්වලකම් එසේ නොසලකා අත්හරින්න පුලුවන්නම්, ඔබේ පිරිනිවන්පෑම වැලැක්විය හැක්කේ කාටද “
උවටැන් ෴
උපදේශයට සංදේශයක්
• ඔබේ අඩුපාඩු දහසක් ඉවසන්න පුලුවන් ඔබට , අනුන්නේ එක අඩුපාඩුවක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ මෝඩකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට , අනුන්නේ එක මෝඩකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ දුර්වලකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට , අනුන්නේ එක දුර්වලකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ අසංවරකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට , අනුන්නේ එක අසංවරයක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ කපටිකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක කපටිකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ බොරු දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක බොරුවක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ උඩගුකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක උඩගුකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ හිතුවක්කාරකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක හිතුවක්කාරකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ අහංකාරකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක අහංකාරකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ කපටිකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක කපටිකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ වංචාකාරකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක වංචාකාරකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ කෑදරකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක කෑදරකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ පෘතජ්ජනකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක පෘතජ්ජනකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ ලෝභකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක ලෝභකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ කම්මැලිකම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක කම්මැලිකමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ නොසැලකිලිමත්කම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක නොසැලකිලිමත් කමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ පැහැරහැරීම් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක පැහැරහැරීමක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
• ඔබේ ප්රමාදයන් දහසක් ඉවසන්න පුලුවන් ඔබට, අනුන්නේ එක ප්රමාදයක්වත් ඉවසන්න බැරි අඩුව හදාගන්න.
කමටහන
ඔබේ වැරදිවලට සමාව දෙන්නේ කෙලෙසද, සියල්ලන්ගේ සියලු වැරදිවලට එසේ සමාව දෙන්න. මෙය පිරිනිවෙනතෙක් පුරන්න.
අටුවාව
ඔබ කෙසේද ? අනුනුත් එසේමය ඔබට.
අනුන් කෙසේද ? ඔබත් එසේමය ඔහුන්ට.
ටීකාව
අපේ විශාල වැරදි පවා අපට සුළුය.
අනුන්ගේ සුළු වැරදි පවා අපට අති විශාලය.
සරලාව
අනුන්ට ඕනෑ ලෝකයක් හදාගෙන නඩත්තු කරනවාට වඩා, තමා හදාගත් ලෝකයෙන් මිදීම කොපමණ අගනේද ?
( සියල්ල දන්නා නිවන පමණක් නොදන්නෙහිද !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්රාවක සංඝ