නිවීමේ පණිවිඩය රැගත්… 38

දහම් පදය
“ සියල්ල අත්හරින්න නැත්නම් එයින් හටගන්න ප්‍රතිඵලය අත්හරින්න “
උවටැන් ෴
ප්‍රතිඵල නැති අත්හැරීමක්
• අත්හැරීම තුලින් නිවීම හට ගන්නේය,
අල්ලාගැනීමේ ප්‍රතිඵලයෙන් දුක හටගන්නේය.
• ප්‍රතිඵලය අත්හැරීමෙන් දුක නිමා වන්නේය.
දුක නිමාවීමෙන් පිරිනිවෙන්නේය.
• යමෙක් තම කුසට ආහාර සූදානම් කරගන්නේ කෙලෙසද ?
ඇසට චක්ඛූ ආහාරය සපයගන්නේත්,
කනට ශ්‍රෝත ආහාරය සපයගන්නේත්,
දිවට ජිව්වා ආහාරය සපයගන්නේත්,
නාසයට ඝහන ආහාරය සපයගන්නේත්,
කයට පොට්ඨබ්භ ආහාරය සපයගන්නේත්, එලෙසමය.
අහෝ පෘතජ්ජන ස්වභාවයක මහත
රසට කෑම කන්න දන්නේය
ඇදුමේ ගැලපීමද දන්නේය
මනමාලී තෝරන්න දන්නේය
මනමාලයා තෝරන්න දන්නේය
ඇදුමට ගැලපෙන සපත්තු ඔරලෝසු තෝරන්නේය
කෑමේ කරපිංචාද ඉවත් කරගන්න දන්නේය
කල් ඉකුත් වු දේ විසිකරන්න දන්නේය
අසු නොවී හොර කරන්න දන්නේය
ගල් පැලෙන බොරු කියන්න දන්නේය
තැබෑරුමේ ලිපිනය දන්නේය
සොරකම් කරන්න දන්නේය
වංචා කරන්න දන්නේය
අනාචාරයේ හැසිරෙන්න දන්නේය
දරුවො හදන්න දන්නේය
ගෙවල් හදන්න දන්නේය
හම්බකරන්න දන්නේය
නිවන් දකිනෙක පමණක් නොදන්නෙහිය.
“ ඒ ඔබය “
එසේ නම් ඔබ බබෙක්ය,
එවිට බබාලට කුමක් කියමුද ?
කමටහන
ඔබ නිවේයැයි ඔබට දැනෙන්නේ කෙලෙසද එය එසේ නිවා ගැනිම ඔබ ඔබටම කමටහන වීමයි.
අටුවාව
අල්ලා ගැනීම නිසා හටගත් ප්‍රතිඵල නම් අසංක භවයයි. අසංක භවයේ වර්‍ණනාව වින්ද දුකයි.
ඉන් මිදීමට ප්‍රමාද ඔබයි.
ටීකාව
පැවැත්මක පවතින්නේ කොතැනද, භවය ඔබ සමගය සදා සැමදා.
සරලාව
ඔබේ නිවීම තවකෙකුගෙන් නොවිමසන්න. මන්ද ඔබේ නිවීම දන්නේ ඔබ පමණය. විමසන ඔබ ඔබේ නිවීම ඔබගෙන් සගවන්නේය.
ඔබට ඔබ විඩාවක් නොවේවා !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ