නිවීමේ පණිවිඩය රැගත්… 04

දහම් පදය
“යමෙක් යමක් අල්ලා ගන්නේ අල්ලාගැනීමට හේතුවක් තිබුණ නිසාය, හේතුව පවතින තාක් අත්හැරීම ඉවරයක් නැත“
අත්හැරීම බලාපොරොත්තු සහිත නම් අත්හැරීම තුල තැවත අල්ලාගැනීමට හේතු සැකසේ.
අල්ලා ගැනීමට හෝ අසුවීමට හේතුව නිවැරදි නොකර අත්හැරීම නිමාව දකින්නේ නැත .
උවටැන් ෴
ඔබ අත්හැරිය යුත්තේ අල්ලා ගත් දෙය නොව , අල්ලාගත් මානසිකත්වයයි. පෙර මනස ඔබ දනනෙහිය පසු මනස පෙර මනස බවට පත් කිරීම අත්හැරීමේ අවසානයයි.
කමටහන
සෑම අල්ලාගැනීමටම හේතුව දැක සිහිය පවත්වන්න . එසේ දුටු හේතුව ක්‍රියාත්මක නොවීමට වග බලා ගන්න.
සැලකිය යුතුයි !
කිසිම දේකට අසු නොවීමත් එක්තරා අසුවීමකි . එසේ නම් අසු නොවුන කෙනෙක් නැත .
සියල්ලන්ට කුමකට හෝ අසු වීමට නියම වී ඇත. එසේ නම් සම්මාවට අසු වෙමු .
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ