නිවීමේ පණිවිඩය රැගත්-40

නිවීමේ පණිවිඩය රැගත්… 40




ඔබ, ඔබ අත්හැරියෙහිද

• කෙලසේ ඇත්තා සියලු නාම රූපවල වසන්නේය.


• ඔබට සියල්ල අත්හරින්න පුලුවන් උනත් තමන්ව අත්හැරීමට බැරිනම් එම අත්හැරීමෙන් ඵලක් ඇද්ද.


• කෙලෙස් නිසා තමාත්, තමා නිසා කෙලෙසුත් පවතින බව නොදන්නෙහිද ?


• සියල්ල අතහැර ඔබ නිදහස් යැයි සිතන්නේහිය, ඔබ තවම අසුවෙලා සිටින්නෙත් එතැනමය.


• දවසේ නාම රූලවලට අසුවෙනවාට වඩා තමාට අසු වෙන අවස්ථා අධිකය.


• දකින්නට නිවනක් ඇත. එය දකින්නෙක් නැත.


• ප්‍රශ්ණය නිසා පිළිතුරද , පිළිතුර නිසා ප්‍රශ්ණයද හට ගනී.ආර්‍ය්යා කල යුත්තේ එය විසදීම නොව,
තේරුම් ගැනීමය.


තමා නිසා සියලු බැදීම් පවතී තමා අත්හරින්න. සියල්ල අත්හැරේ. තවත් අත්හැරීමක් කුමටද ?
තමකම නැතිව කටයුතු කිරීම පුරුදු කරන්න.


ඔබ දකින දේ සත්‍යයක් නොවේය.
ඔබට ඇසෙන දේ සත්‍යයක් නොවේය.
ඔබට දැනෙන දේ සත්‍යයක් නොවේය.
ඔබට හැගෙන දේ සත්‍යයක් නොවේය.
ඔබට සිතෙන දේ සත්‍යයක් නොවේය.
මක්නිසාද ඔබ රහතෙක් නොවේය !!!


අත්හැරීම අවශ්‍ය වන්නේ ඔබට නොව,
ඔබේ පුද්ගල ස්වභාවයටය.


මාන්‍ය නැතිදා නැතිවේ, ඔබත් ඔබේ අත්හැරීමත්.



ඔබ සතු සියල්ල ඔබ උදසො නොව, අනුන් උදෙසාය, මන්ද ඒ සියල්ල කවදා හෝ අන්සතු වන නිසාය. අත්හරින්නේ ඔබේ දේ නොව, අනුන්ගේ දේය.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top