නිවීමේ පණිවිඩය රැගත්… 42

දහම් පදය
“ අත්හැරීමෙන් අත්හැරීමක් සම්පුර්ණ නොවේ. මන්ද අත්හැරීමත් අත්හැරීමකට හේතුවක් වන බැවින්ය “
උවටැන් ෴
අත්හැරීමටත් අවශ්‍යය අත්හැරීමක්
• ලෝකයේ නානප්‍රකාර දේ අත්හැරියේය, අත්හැරීම කවදා හෝ අත්හැරීයේද.
• හැම අත්හැරීමක්ම ආරම්භයකි තවත් අත්හැරීමකට.
• ලෝකයේ කිසිදා සම්බ නොවන ධර්මතාවයකි නිවන. මන්ද සම්බවන සියල්ල නොනිවිලාය.
• ඔබේ ප්‍රශ්ණය විය යුත්තේ නිවෙන්නේ කෙසෙද යන්න නොව, මෙයින් නොනිවුනේ මන්ද යන්නයි.
• ඔබ මුළු ලෝකයම අත්හැරියත් කිසිවක් අත්හැර නැත. මන්ද ඔබේ අත්හැරීම ඒ තුල නැත.
• ලෝකයෙන් වෙන්වීමට වඩා ලෝකය හදුනා ගැනීම කොපමණ අගනේද.
• යමක් අත්හරින්නාට විවේකයක් දැනෙන්නේ එදෙයින් නිදහස් වුනා යන හැගීම නිසා මිස, අත්හැරුනු නිසා නොව.
• අත්හැරීමේ අවශ්‍යතාවය හටගන්නේ විදීමේ අවශ්‍යතාවය නැති වු විට නොවේද.
කමටහන
අත්හැරීම අත්හරින්න.
එයට සියල්ලේ අහිමිය හිමිකරගන්න.
ගුරු අවවාද !
ඔබ දකින රූප නිසා කම්පා නොවී දැකිම සංවර කරගන්න.
ඔබට සිතෙන සැම දේ කථා නොකර කට සංවර කරගන්න.
ඔබට ඇසෙන ශබ්ද නිසා කම්පා නොවී ඇසීම සංවර කරගන්න.
ඔබට හැගෙන හැගීම් නිසා කම්පා නොවී කය සංවර කරගන්න.
ඔබට සිතෙන සිතුවිලි නිසා කම්පා නොවී සිත සංවර කරගන්න.
අටුවාව
අත්හැරීමෙන් අත්හැරීමක් ආරම්භ වන බව නොදැන අත්හරින්නෝ කොපමණද ලෝකයේ.
ටීකාව
ඔබ අත්හරිනවාට වඩා ඔබෙන් අත්හැරෙන ධර්මතාවය කවදා හෝ තේරුම් ගත්තෙහිද.
සරලාව
සියල්ලෙන් සියල්ල සපල වේ. එයින් සත්ත්වයා
නිෂ්ඵල වේ
( ඔබේන් ඔබ !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ