නිවීමේ පණිවිඩය රැගත්-43

නිවීමේ පණිවිඩය රැගත්… 43




අත්හැරීම අත්හැරීම


• අත්හැරීමෙන් අල්ලාගැනීමකුත් , අල්ලාගැනීමෙන් අත්හැරීමකුත් හටගන්නේය.


• ඔබත් නිවීම වෙනුවෙන් අත්හරින්නෙක්ද ? 
නිවීම වෙනුවෙන් අත්හරිනවාට වඩා නිවීමට අත්හැරීම කොපමණ අගනේද ?


• ඔබ වෙනුවෙන් කිසිවක් නැත. ඔබ සියල්ල වෙනුවෙන්ය.


• සියල්ල විදීමට ප්‍රිය වීම සිතය. විදීමේ ආදීනව දැකීම මාර්ගයය.


• ඔබ යමක් පාලනය කරන්නේ නම්, දැනගන්න ඔබත් එයින් පාලනය වන බව.


• රහතෙක් හදුනාගැනීමේ එකම ක්‍රමය තමන් රහත් වීමය.


• ලස්සන තීරණය වන්නේ ලස්සනට සාපේක්ෂව නොව, අවලස්සනට සාපේක්ෂවය.


• යමෙකුට යමෙකුගේ උපකාර අවශ්‍ය වන්නේ ඔහුගේ උපකාරය ඔහුට නොලැබෙන නිසා නොවේද ?


අත්හැරීම හටගත්තේ අල්ලාගත් නිසා නොවේද ? එසේනම් අත්හැරිය අයිතිය ඔබට නොව, වස්තුවටය. හැම අත්හැරීමක් තුලම පුරුදු කරන්න.



අත්හැරීමේ අයිතිය ලැබුණේ යම් සේද, එහි අයිතිය පැවතුනෙත් එලෙසමය.



සෑම මොහොතක්ම අත්හැරීමකි. නුමුත් අත්හැරීමට මොහොතක් නිර්මාණය කිරීම අනුවන කමකි.



සම්මාවෙන් දැකීමට උත්සහ කිරිමට වඩා දකින දේ සම්මාව කර ගන්න.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ




Scroll to Top