නිවීමේ පණිවිඩය රැගත්… 46

දහම් පදය
“ විදින්නා මසුරුකම ගලවන්නේය, විදවන්නා මසුරුකමින් ගැලවෙන්නේය“
ගලවන්නේය = අත්හැරීම
ගැලවෙන්නේය = අතහැරීම ( අතහැරෙන්නේය )
දෘෂ්ඨියේ දිෂ්ඨිය
මෙ වනවිටත් අත්හැරිලාය සත්ත්වයෙකු නැතිබව ප්‍රත්‍යක්ෂ නම් ,
සත්ත්ව දෘෂ්ඨිය අසුවෙලාය සසරට සැමට,
ඔබෙන් නොගැලවෙන්නේ ඔබ ඔබට බැදිලාය ,
නැත්නම් විදීමක් කොහේද සසරක් තවත් ,
අයිති නැති අයිතිය හැදුවා දුකක් ,
ඒ දුක විදිනවා නැති සතෙක් තවත් ,
ඒ සතා මමය වෙමි නම් ඒ දුක මගේය තවත් ,
මම නැති දා දුක තනිවෙලාය දුකට සදා සැමදා ,
දෘෂ්ඨියේ දිෂ්ඨිය වුවා ඉපදීමට මට,
සම්මා දිෂ්ඨිය වඩමි මිදිමට දෘෂ්ඨියේ දිෂ්ඨියෙන් නොඉපදිමට !!!
උවටැන් ෴
විදීමේ විදවීම
• යමෙක් යමක් විදීද එම විදීම නිසා එයට ඔහු බැදිලාය, එයින් මිදීමට අවශ්‍යය ඔහුට අත්හැරීමක්.
• යමෙක් යමක් විදවයිද එම විදවීම නිසා එයට නොබැදිලාය, එයින් මිදීමට අවශ්‍යය නැත ඔහුට, මන්ද විදවීමෙන් අත්හැරීලාය.
• යමෙක් යමකට අසුවන්නේ විදින්න ගිය නිසා මිස, විදවන නිසා නොව.
• විදීම විදවන්නා පෘතජ්ජනයාය ,
විදවීම විදින්නා ආර්යයාය.
• විදීම සොයන්නා දුස්සීලයාය,
විදීම සෙවීමත් එත්තරා විදවීමක් ලෙස දකින්න සිල්වතාය.
අහෝ පෘතජ්ජනය !!!
ඔබ විදින බව සිතන්නේය, එම විදීම වෙනුවෙන් කොපමණ විදවන්නේදැයි නොතේරෙන්නේ තවම ඔබ සත්ත්වයෙකු නිසාද ?
විදින ඔබ කුමක් වින්දේදැයි මදක් සිතා බැලුවෙහිද ?
වින්ද ඔබ එයි ආශ්වාදය ලද්දේය. එයි ආදීනව දුටුවෙයි නම් කුමක් වින්දේදැයි ඔබටම වැටහෙනු නිසැකය.
ඔබේ මොඩකමේ සීමාව සියල්ල විදීමය. එහි නිමාව එයින් නිස්සරණ වීමය.
කමටහන
විදින්නේද යමක් අතහැරෙන්නට, එයි විදවීමම සතර ඉරියව්වෙන් දකින්න.
අටුවාව
විදීමට යෑමෙන් හටගන්නේ භවගාමි වීමය.
භවගාමි වීමෙන් හටගන්නේ දුක් විදීමය.
ටීකාව
සියලු විදීම් ඔබට තෘප්තිය ගෙන නොදෙන්නේ ඔබේ ඉපදීම විදීම පිණිස නොව, නිවීම පිණිසය.
සරලාව
ඔබ අත්හරින්නේ තවම විදින නිසාය. යමෙක් අත්නොහරින්නේ කිසිවක් නොවිදින නිසාය.
අත්හැරීමෙන් අත්හැරෙන්න විදීම අත්හරින්න.
( විදින්නෝ බහුලය , විදවන්නෝ විරලය !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ