නිවීමේ පණිවිඩය රැගත්… 48

දහම් පදය
“ තමකම අත්හරින්නාට නැත ඉතිරිව යමක් අත්හරින්නට තවත් , මන්ද සියල්ල අත්හැරිලාය සමග තමකම “
උවටැන් ෴
තමාගේ තමකම
• ඔබ වෙනුවෙන් නොව අනුන්ගේ නිවීමට කථා කරන්න. නැතිවේය තමකම හටගනීය නිවීම.
• ඔබ වෙනුවෙන් නොව අනුන්ගේ නිවීමට කටයුතු කරන්න. නැතිවේය තමකම හටගනීය නිවීම.
• ඔබ වෙනුවෙන් නොව අනුන්ගේ නිවීමට ජීවත්වන්න. නැතිවේය තමකම හටගනීය නිවීම.
• ඔබ වෙනුවෙන් නොව අනුන්ගේ නිවීමට ගන්න. නැතිවේය තමකම හටගනීය නිවීම.
• ඔබ වෙනුවෙන් නොව අනුන්ගේ යහපත ගැන
සිතන්න. නැතිවේය තමකම හටගනීය නිවීම.
• ඔබ වෙනුවෙන් නොව අනුන්ගේ නිවීමට දෙන්න. නැතිවේය තමකම හටගනීය නිවීම.
• ඔබ වෙනුවෙන් නොව අනුන්ගේ නිවීමට සිතන්න. නැතිවේය තමකම හටගනීය නිවීම.
කමටහන
සතර ඉරියව්වෙන් තමා හදුනා ගන්න. එතැන තමා වෙනුවට අපි සිටවන්න. තමකමෙන් තොර අනුන් වෙනුවෙන් කටයුතු කරන්න.
අටුවාව
නැති තමකමක් නැති දා, නැත ඔබත් ඔබේ තමකමත්.
ටීකාව
සියල්ල කරන්නේ තමා උදෙසාය. නුමුත් කිසිවක් කර නැත තමා උදෙසාය. මෙය දැන ගත් දා නැති වේය තමකම නොකිය තමාටවත්.
සරලාව
මමයා සියලු මුලාවට මුල.
අත්හරිනවා නම් අත්හරින්න මම , තවත් අත්නොහරින්නට.
( තමා සිටියේ තමාටය !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ