නිවීමේ පණිවිඩය රැගත්-49

නිවීමේ පණිවිඩය රැගත්… 49



“සොතාපන්න යනු ඔබ නොවෙයි !”





ඵලාවබෝධය

• මාර්ගඵල දෘෂ්ඨිය මගඵල නොලබයි , මන්ද ලැබෙන්නට කලින් ඒ ඵලය තමා සතු බව සිතන බැවින්.


• යමෙක් යමක් තේරුම් ගනිද එය තෙරුමක් පමණය. එය වැරදි වැටහීමකින් ඵලයක වටිනාකම දැනුමට දෙනුලබයිද ඵලය ඔහුට අහිමිය.


• ඵලය ඵලයෙන් තේරුම් ගන්නවා මිස දැනුමෙන් තේරුම් ගත් අය රැවටුනා ඵලයටත් තමාටත්.


• දැනුමෙන් හටගත් ඵලය පාරට්ටු එළිදරව් සහිතය. මාර්ගයෙන් හට ගත් ඵලය නිස්කලංකය. 


• ඔබ ඔබෙන් සෝතාපන්න දැයි නොවිමසා, සම්මාවට විමසන්න ඉඩ හරින්න.


• ඵලයට ඵලය නොදෙන වටිනාකමක් එම ඵලයට ඔබ දුන්නේ ඒ ඵලය නැති නිසා බව තවම නොතේරෙන පොඩි බබෙක්ද ඔබ.


• බබා කිරි හදුනන්නාසේ ඵලය ඵලය හදුනයි. එය හදුනානොගත්තේ ඔබයි.


• ඔබ සොතාපන්න යැයි සතුටක් දැනේද එය එසේ දැනෙන්නේ සොතාපන්න නිසා නොව, සොතාපන්න යැයි සිතන නිසා.


• මාර්ගඵල නිවැරදි නොකරන්න. මක්නිසාද මාර්ගඵලයයි ඔබ නිවැරදි කරන්නේ.


• සොතාපන්න අවබෝධය යනු සම්මාව පිළිබද අවබෝධය නොව, කෙලෙස් පිළිබද අවබෝධයයි.


* සරලාව,
සම්මාව නිරෝධ කිරිමට සම්මාව අවබෝධ කරගත යුතුව ඇත. සම්මාවෙන් දුක හට නොගනි නම්, සම්මාවෙන් නොඉපදෙමු නම්, සම්මාව කුමට අවබෝධ කරමුද. කෙලෙස් නිසා නම් දුක, කෙලෙස් නිසා නම් ඉපදීම,
ඉන් මිදීමට අවශ්‍යය අවබෝධය කෙලෙස් පිළිබද.


රහත් වෙනතෙක් කිසිම ඵලයකට නොබැදෙන්න. මාර්ගඵල වටිනාකම ඇතිකර නොගන්න. මාර්ගඵල උත්සව පාරට්ටු එළිදරව් නොකරන්න.



ප්‍රකාශය -:
මම සොතාපන්නයි


උත්තරය -:
So what
( ඉතින් මොකෝ )


අවවාදය -:
ඒ නිසා මුකුත් ඕනෙද ?



යමෙක් සොතාපන්න උනේ ඔහුගේ ගුණධර්ම නිසා මිස ඔහු නිසා නොව, එසේ නම් සොතාපන්න ඵලයේ අයිතිය ඵලයට මිස ඔහුට නොව.
එසේනම් ඵලය පාරට්ටු කල යුත්තේ ගුණයයි. ගුණය පාරට්ටු කරයි නම් එය ගුණයක් නොව, තවත් හදුනානොගත් අගුණයක්ය.



ඔබේ ඵලයෙන් ඔබටවත් කාමලෝකයේ වැඩක් නැති කොට අනුන්ට ඇති වැඩේ මොකක්දැයි නිවාඩුවක් දාල සිතල බලන්න. එතකොට සමහරවිට තේරෙයි.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top