නිවීමේ පණිවිඩය රැගත්-52

නිවීමේ පණිවිඩය රැගත්… 52




ඔබේ අත්හැරීම
• සසරෙන් එතෙර වීමට එතෙර වන තැනට කලින් නතර වෙන තැන දැනගන්න. එය නිවුමට අගනේය.
• එක තැන දුවන්නා හට ඇත්තේ මහන්සිය පමණය. කරදර නිසා අත්හරින්නාත් එලෙසමය.

• ඔබ ඔබට අත්හරින්නේද ?
• ඔබ වෙනුවෙන් අත්හරින්නේද ?
• මමයාට අත්හරින්නේද ?

• අනුන් වෙනුවෙන් අත්හරින්නේද ?
• දුක නිසා අත්හරින්නේද ?
• කරදරෙන් මිදුමට අත්හරින්නේද ?

• කුමට අත්හරින්නේදැයි නොදැනම අත්හරින්නේද ?
• මා ඇසුවොත් අමනාප වන නිසා, ඔබ ඔබෙන් අසන්න.
 
අත් නෑරියට කමක් නැහැ ගෙනියන්න පුළුවන් කුමක්ද කියා.

• දුස්සීලයා නිතරම සිතනවලු අනුන් දුස්සිල් කියා,
එක දුස්සීලයාගේ වරදක් නොව, දුස්සීලයේ හැටියක්.


අත්හරින්න මෙතරම් අමාරු නොමැරෙන නිසාද ?
වත්කම් රකින්නේ අයිතියේ නැති නිසාද ?
විවාහයට සහතිකයක් ඉල්ලන්නේ විස්වාසය නැති නිසාද ?
තනතුරේ බල පෙන්වන්නේ පාලනයේ නැති නිසාද ?
පැවිදිකම ඉල්ලන්නේ වෙන කරන්නම දෙයක් නැති නිසාද ?


අත්හරින්නට නොවෙහෙසෙන්න.සියලු දේ මේ වන විටත් අත්හැරෙමින් පවතින සත්‍යය දැන ගන්න.මෙය සතර ඉරියව්වෙන් පුරුදු කරන්න.


දෛනික ජීවිතය තුල ඔබ ඔබෙන් අත්හැරෙන බව දන්නේහිද.
ඔබේ වයෝවෘධයෙන්
ඔබේ බෙලහීනයෙන්
කයේ දිරාපත්වීමෙන් අසන්න.
ඔබ ඔබෙන් දිනපතා අත්හැරෙන බව ඔබට වඩා දන්නේ ඒ අයය.


සාගරයක් වැනි දුක මැද්දේ සැප සොයන ඔබේ මුලාව පෙන්වා දීමට බුදුවරයෙකුම අවශ්‍යද?
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා !


අත්හැරීමට නැකතක් නැත. අවශ්‍ය වන්නේ අත්හැරීමක් පමණය.
එය ඔබ සතු නම් තවත් රහතෙකි එසේ අත්හරින.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top