නිවීමේ පණිවිඩය රැගත්… 54

දහම් පදය
“ අල්ලගෙන අල්ලගෙන අත්හැරීමට වඩා අල්ලනොගන්න අත්හැරීම අත්හැරීමටත් අත්හැරීමකි “
උවටැන් ෴
අල්ලගන්නේ අත්හරින්නද?
අහුනොවන දේ අල්ලගන්න දක්ෂවෙන්න, අතහැරීමේ අවශ්‍යතාවය තවත් නැති නිසා.
අහුවෙන්නා අහුවෙන්නේ වස්තුවට නොව, තවත් අත්හැරීමකටය.
අතහැරීමක් අවශ්‍ය වුනේ වස්තුවටද?
වස්තුවෙන් අතැරෙන්නටද?
විඩාවට අත්හරින්නා ඇතිකරන්නේ තවත් විඩාවක්ය.
ලස්සන දකින්න පුලුවන් වූ ඔබට එහි මුලාව නොදකින්න පුලුවන් උනේ මන්ද?
දුස්සීලයත් එක්තරා සීලයකි,අපායට පෙරුම් පුරන.
තම සන්තකය අන්සතු ලෙස දකින්නා බෝ සත්ත්වයෙකි!
අන්සතු දේ තම සතු ලෙස දකින්නා සොර සතුරෙකි.
ගුරු අවවාද !
මගෙන් බණ අසන්නා මට වඩා ශ්රේශ්ඨය. මන්ද මා වැනි යාචකයෙකුගෙන් පවා උපදෙස් ගන්ට නිහතමානී වූ නිසා.
නොදැක්ක අනුගාමිකයා උතුම්ය, මන්ද මා ධර්මයෙන් දැක ඇසුරු කිරීමට තරම් දක්ෂ වූ නිසා.
මා නොසොයන අනුගාමිකයා විශේෂය, මන්ද පිරිනිවෙන්ට ඇසුරු කිරීම බාධකයක් බව තේරුම් ගත් නිසා.
කමටහන
අත්හැරීමට පුරුදු වීමට වඩා අත්හැරීමට අත්හැරීම
පුරුදු කරන්න.
මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න.
අටුවාව
දකින දකින දේ අල්ලගෙන සිතෙන සිතෙන දේ අත්හරින අත්හැරීම,
එක්තරා අත්නොහැරෙන අත්හැරීමකි.
ටීකාව
මිදුන ස්වභාවය ඇත්තාට මිදුමක් කුමටද තවත්,
මිදීමට සසරෙන් ?
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!
සරලාව
අනුන්ගේ දේ ලෙස පරිභෝජනය කරන්න. තම සතු දේ පවා.
දෙන දේ ඒ අයගේ දෙයක් ලෙස ගන්න තම සතු දේ පවා.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ