නිවීමේ පණිවිඩය රැගත්-57

නිවීමේ පණිවිඩය රැගත්… 57



යමෙක් යමෙකුගේ ගුණ දකීද ඔහු දකින්නේ ඔහුගේම ගුණයයි.
යමෙක් යමෙකුගේ අගුණ දකීද ඔහු දකින්නේ ඔහුගේම අගුණයයි.
ඔබ ඔබව දකින්නට අනුන්ගෙන් ඔබව දකින්න.

උදා :-
අනුන්ගේ අඩුපාඩු දැක කම්පා වන්නේද,
එම කම්පාව ඔබය.
අනුන්ගෙ දියුණුව දැක ඊර්ෂ්‍යා වන්නෙද,
එම ඊර්ෂ්‍යාව ඔබය.
කෙනෙක් අසරණ වන විට අනුකම්පා ඇතිවේද, එම අනුකම්පාව ඔබය.

සෑම දේම අනිත්‍යැයි දකින්නේද, එම අනිත්‍ය ඔබය.
පොහොසත් වන්න වෙහෙසෙන්නේද, එම මසුරුකම ඔබය.
සතුරෙකුගේ වැටීමෙන් සතුටක් ලබන්නේද, එම සතුටේ නින්දාව ඔබය.


ඔබ ඔබට ප්‍රිය වීම ජීවිතය නොව,
ඔබ අනුන්ට ප්‍රිය වීමත් ජීවිතය නොව,

අනුන්හට පමණක් නොව, ඔවුන් ප්‍රියවන දේටත් ප්‍රිය වී බලන්න. ජීවිතයේ අරුත වැටහෙනු නිසැකය.

ආශ්වාදයෙන් තෘප්තිය ලබන්නා පෘතුජ්ජනයාය.
තෘප්තියෙන් ආශ්වාදය ලබන්නා ආර්යයාය.

ඔබේ නිවීමට අවශ්‍ය සියල්ල ලැබී ඇත. ප්‍රශ්ණය එය තවම පිළි නොගැනීමය.
අනුන්ගෙන් ඔබ වෙන් කරන්නටද මෙපමණ වෙහෙස, වෙන්කළ යුත්තේ අනුන්ගෙන් නොව ඔබගෙන්ය.


කෙනෙක් තරහා ගන්නේ නම් ඔහුට තරහා ගන්නට කොපමණ අයිතියක් ඇත්තේද, එලෙසම සමාව දීමේ අයිතිය ඔබට ඇත්තේය!
ඒ අය කලේ නැහැ, මේ අය කලේ නැහැ කියනවට වඩා, තමා කලේ කුමක්දැයි විමසීම කොපමණ අගනේද?

ප්‍රශ්ණයේ නිර්මාණය කාලයා විසින් නම්,
උත්තරයත් කාලයාටම බාරදෙන්න.

කෙනෙක් මරණයෙන් බේරෙන්නේ කෙසේදැයි විමසයි.
කිසිදා, ඇයි බේරෙන්නේ යැයි නොවිමසයි.
විශ්වයේ තීරණයට විරුද්ධවීමට අවශ්‍ය නැත, මන්ද විශ්වයේ තීරණයේ කිසිම අසාධාරන‍යක් නැත.
සැබෑ තෘප්තිය ඇතිවිට පමණක් නොව නැතිවිටද දැනේ.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top