නිවීමේ පණිවිඩය රැගත්-64

නිවීමේ පණිවිඩය රැගත්… 64




ලැබූවන්
ඔබට අවශ්‍ය දේ නොලැබුනත්, ලැබෙන්නට ඇති දේ නොලැබී නොයන්නේය.
මන්ද,

දුන් දේ දෙන්නාගේ නොව ඔබගේය. ඔබේ දේ ඔබට දිය යුතු නැත. එය කෙසේ හෝ ලැබෙන්නේය.

ලබන්නන් ලැබූ දේ ලැබූවන්ය.
ලැබූවන් ලැබූ දේත් නොලැබූවන් ය.

සසර ගමන දික් වෙලා නොව, ඔබ සසර දික් කරගෙනය.
වැරදිලා නොව වරද්දගෙනය.

කෙලෙස් මතුවෙලා, ඇතිවෙලා නොව,
ඔබම මතු කරගෙන, ඇති කරගෙන.

ප්‍රශ්ණ ඇතිවෙලා නොව, ප්‍රශ්ණ ඇති කරගෙනය.

විඳිනවා කියා සිතන්නේද?
විඳිනවා නොව විඳවනවාය.

පෘතජ්ජන ස්වභාවයේ විපතක මහත!

රාගය නිසා ගිහි ගේ රැඳී ඔබ ඔබට කලේ හූනියමකි.
වස්තුව නිසා දේපලවල මුරකරු වී ඔබ ඔබට කලේ කොඩිවිනයකි.
පවුලට, දරුවට බැඳී ඔබ ඔබට කලේ බන්ධනයකි.
ජීවිතයම සැප උදෙසා අල්ලන යුද්දෙන් ඔබ ඔබට කලේ තොයිලයකි.
අධ්‍යාපන උපාධි රැකී රක්ෂා තනතුරු ඔබට කලේ ගුරුකමකි.

පවුල් ජීවිතය කියන්නේ මේකද?
ණය වෙලා ගත්තා ජයට මගුලක්
ඇටෙව්වා තමන්ටම මර උගුලක්
රැවටුනා පෙනුමට කථාවට වරක්
කැපුනා සසරට දුකට මහ පාරක්


වෙන දේ බලන් ඉන්න
ලැබෙන දේ ලබා ගන්න
ඇහෙන දේ අහන් ඉන්න
කෙරෙන දේ කෙරෙන්න අරින්න
සිතෙන දේ සිතන් ඉන්න
මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න.


ඔබට ලැබෙන්නට ඇති දේ,
ඔබට ඇසෙන්නට ඇති දේ,
ඔබට වෙන්නට ඇති දේ,


ලැබෙනකම්,
ඇසෙනකම්,
වෙනකම්,

ඉවසීම පමණක් පුරුදු කරන්න.


අකැමැත්තෙන් උවත් කර්මයේ අයිතිය අයිති කරගන්න වෙන බව දැනගන්න.
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා.


ඔබේ කර්මයේ උරුමක්කාරයා ඔබමය. එයි උරුමය ඔබෙන් නිමාවට දක්ෂ වන්න.

මේ වනවිටත් සියල්ල ලැබිලාය.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top