නිවීමේ පණිවිඩය රැගත්-65

නිවීමේ පණිවිඩය රැගත්… 65





දකින දේවල් නිසා අහුවෙච්ච වාර අනන්තය.
ඇසෙන දේවල් නිසා අහුවෙච්ච වාර අනන්තය.
දැනෙන දේවල් නිසා අහුවෙච්ච වාර අනන්තය.
හැඟෙන දේවල් නිසා අහුවෙච්ච වාර අනන්තය.
සිතෙන දේවල් නිසා අහුවෙච්ච වාර අනන්තය.

මේ සෑම අවස්ථාවකදීම අහුනොවිච්ච අවස්ථා ඉතා අල්පය.

පෘතජ්ජන ස්වභාවයේ විපතක මහත!

බොහෝ විට ඔබ සොයන්නේ ඔබට අවශ්‍ය දේ නොව, අනවශ්‍ය දේය.
බොහෝ විට ඔබ ලබන්නේ ඔබට ලැබිය යුතු දේ නොව, නොලැබිය යුතු දේය.
බොහෝ විට ඔබ යමෙකුට දෙන්නේ දිය යුතු දේ නොව, නොදිය යුතු දේය.
බොහෝ විට ඔබ සිතන්නේ සිතිය යුතු දේ නොව
නොසිතිය යුතු දේය.

පවුල් ජීවිතය කියන්නේ මේකද?

අහුවුනා ආදරයට පවුලට සසරට
අහුවුනා සෙනෙහසට දරුවන්ට සසරට
අහුවුනා මිත්‍රත්වයට ඥාතීන්ට සසරට
අහුවුනා නැවත නැවතත් සසරට දුකට




වෙන දේ බලන් ඉන්න
ලැබෙන දේ ලබාගන්න
ඇහෙන දේ අහන් ඉන්න
කෙරෙන දේ කෙරෙන්න අරින්න
සිතෙන දේ සිතන් ඉන්න

මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න!


මගේ යැයි යමක් නඩත්තු වේද?
එතැන නඩත්තු වන්නේ මමත් සසරත්ය.


“ලෝකෙට අයිති දේ ලෝකෙටම අයිති වෙන්න ඉඩ හරින්න. එය ලෝකයෙන් වෙන් කිරීමම දුකට හේතුවය”
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!


ඔබේ උරුමය මරණයට දෙන්න
සියල්ලේ අයිතිය එහි මිදීමට දෙන්න.

(හිමි නැති දේපල කුමටද)


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top