නිවීමේ පණිවිඩය රැගත්-66

නිවීමේ පණිවිඩය රැගත්… 66





ලෝකයේ සියලු නිර්මාණ සිතුවිලි බව දැනගන්න.
ඔබේ චරිතය ඔබේ සිතිවිලි බව දැනගන්න.
ඔබේ ජීවිතය ඔබේම සිතේ නිර්මාණයක් බව දැනගන්න.

ඔබ (මමත්වය) යනු ඔබේම සිතේ නිර්මාණයක් බව දැනගන්න.
ඔබේ කෙලෙස් ඔබේ සිතිවිලි බව දැනගන්න.
ඔබේ දුර්වලකම් ඔබේ සිතිවිලි බව දැනගන්න.

ඔබ කථා කරන්නේ සිතේහි ඇති දේ මිස වෙන කිසිවක් නොවන බව දැනගන්න.
ඔබ කපටි කයිරාටික නොවේ, එය ඔබේ සිතේ ස්වභාවය බව දැනගන්න.
ඔබ ඔබේ සිතේ ක්‍රියාදාමයයි.

සිතේ ස්වභාවයේ හැටියටය ජීවිතය.
ලෝකයම සිතේ නිර්මාණයකි පිටුනොපා පිලිගන්න.

පෘතජ්ජන ස්වභාවයේ විපතක මහත!

මෝඩකමට හොඳම උපමාව තමා මිස වෙන කවුද?
ඉපදෙනවට හොඳම උපමාව තම ජීවන රටාව මිස වෙන කුමක්ද?
දුකට හොඳම උපමාව තමාගේ ක්‍රීඩාව මිස වෙන කුමක්ද?

තණ්හාවට ලෝභයට හොඳම උපමාව තමා සතු වස්තුව මිස වෙන කුමක්ද?
ද්වේශයට හොඳම උපමාව තමා සතු සතුරන් මිස වෙන කුමක්ද?
මෝහයට හොඳම උපමාව තමා නඩත්තු කරන පැවැත්ම මිස වෙන කුමක්ද?
පවුල් ජීවිතය කියන්නේ මේකද?

සියලුම පිළිකුල මිහිරිය ඔහුට
සියලු දුක් කරදර දැරිය හැක ඔහුට
ජීවිතයම ඔහුගේ කැපය ඇයට
කුමට මිදෙමුද අපායේ දුකට



සෑම සිතිවිල්ලක්ම අත්හැරීමකි.

සිතුවිල්ල තුලින් හටගන්න දුර්වලකම අත්හරින්න.
සිතුවිල්ල තුලින් හටගන්න මෝඩකම අත්හරින්න.
සිතුවිල්ල තුලින් හටගන්න කෙලේෂයන් අත්හරින්න.

සිතුවිල්ල තුලින් හටගන්න හිතුවක්කාරකම අත්හරින්න
සිතුවිල්ල තුලින් හටගන්න උඩඟුකම අත්හරින්න.
සිතුවිල්ල තුලින් හටගන්න අකීකරුකම අත්හරින්න.

මෙය සතර ඉරියවුවෙන් පුරුදුකරන්න.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න!


සියල්ල මනාසේ දුටුවෙය. නමුත් එහි අන්තර්ගත සිත දුටුවේද?


“සෑම සිතුවිල්ලක්ම දුකකි සසරකි”
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!


සිත ඔබ නොවේය. නුමුත් ඔබ සිතය.
(සිතක් නැති මම )


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top