නිවීමේ පණිවිඩය රැගත්… 68

දහම් පදය
“යමෙක් ධර්මය සරණ යන්නේද,
එම ධර්මය ඔහු තුළ පවතී. ඔහුද ධර්මය තුළ පවතී.
ඔවුන් එක්වුනා නොව, ධර්මය එකම බැවින් එයම ඔවුන් එක්කොට එකක් කලේය.”
උවටැන් ෴
ධර්මය තුළ පවතින්න, එවිට ධර්මයද ඔබ තුළ පවතී.
ඔබ ඔබට අහිමි වීමට නම් ධර්මයට හිම්මි විය යුතුය.
ධර්මය ඉගෙනීමට නොවෙහෙසෙන්න.
පුරුදු කිරීමට දක්ෂ වෙන්න.
ඔබේ ප්‍රශ්ණ වලට පිළිතුරු ඔබෙන් විමසන්න.
මන්ද ප්‍රශ්ණය ඉපදුනේ එතැනමය.
ධර්මයට අනුව ඔබව ආක්‍රමණය වෙන්ට ඉඩ හරින්න.
මන්ද ධර්මයට හසු නොවෙන්නා අධර්මයට හසු වෙන්නේය.
ඔබ සෝතාපන්නද?
සෝතාපන්න වූයේ ඔබ නොව,
ඔබේ අවබෝධයය.
එසේ නම් එම ඵලය ඔබට අයිති වූයේ මන්ද?
මාර්ගඵල වටින්නේ නැති කෙනාට මිස ඇති කෙනාට නොවන බව වත් තේරෙන්නැද්ද?
මම රහත් කියා සිතන්නේම,
රහත් ඵලය මෙමා වෙන්නැති කියා සිතන නිසා නොවේද?
රහතෙක් තුළ පවතින්නේ රහත් ස්වභාවයක් නොව,
නොරහත් නැති ස්වභාවයක් ය.
නැති එකක් නැහැ කියන්න නැහැ කියන එක නැතිව කියන්න ක්‍රමයක් නැහැ.
ඉල්ලන්නන්ට දෙන්නේ ඔවුන් ඉල්ලන නිසා නොව, දෙන්න ඔවුන්ට සිතක් තිබුන නිසා නොවේද?
බොරු නොකිය කථා කිරීමට උත්සහ කිරීමට වඩා, කථාව අවම කිරීම කොපමණ වටින්නේද?
ආලෝකය පේන්න නම් අඳුර තියෙන්න ඕනෙලු.
එක සීලයක් රැකලා බලන්න කෙලෙස්වල බර දැනෙයි.
නින්දාව යහපතක් සේ දකින්නෙහිද?
නින්දා ලබන්න එවැනි දුර්වලකම් තිබීම නොදකින්නේ මන්ද?
පරාර්ථකාමීත්වය වරදක් නැත.
පරාර්ථකාමීත්වය ඔබ තුළ නඩත්තු නොවෙනවනම්.
සත්තු බුරන්නේ කථා කරන්න බැරි නිසා වෙන්නැති.
මිනිස්සු බනින්නේ ගුණ කියන්න බැරි නිසා වෙන්නැති.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ