නිවීමේ පණිවිඩය රැගත්-70

නිවීමේ පණිවිඩය රැගත්… 70




පැවැත්ම ඇති තාක් ඔබ ලෝකයෙහිය.
මන්ද,

පැවැත්ම තුළ ලෝකය පවතින්නේය.

ලෝකයද පැවැත්මෙන් ඔබ තුළ පවතින්නේය.
කොපමණ අත්හැරියත් තමකමත් තමරුවත් අත්හැරුන බවක් දැනේද?
කණ්නාඩිය පරිභෝජනය තුල පරිභෝජනය වන්නේම තමකමත් තමරුවත් නොවේද?
පෙනෙන දේ ඇත්තනම් ඇත්ත පේන්නේ කෙසේදැයි කවදා හෝ විමසුවේද?
ඇත්ත යනු පේන දෙයක් නොව අවබෝධ වෙන දෙයක්ය.

එසේ නම් පේන්නේම බොරුවක් මිස වෙන මොනවද?
ලෝකය කැමති වන්නේ දුකටය.
ඔබ කැමතිනම් දුකට ඔබ ලෝකයටය.

තමකමට සියල්ල කරගත් නුමුත් තමකමේ නිරෝධයට නොකර ගත්තෙත් ඒ ටිකමය.

ඔබත් මුලාවූවෙක්ද සසරේ,
දකින දකින දේ ගන්න සිතෙන
හැමදේටම ආස කරන
හැම දේටම කැමති වෙන
පතන දේ කෙසේ හෝ ගන්න හදන
තෘප්තියට ඕන දෙයක් කරන
පවු පින් නොසිතන
තම මරණය සිහි නොකරන
වාසියට වෙනස් වෙන.

“ඔබේ මුළාව නොවැටහේද තවම ඔබට”

පවුල් ජීවිතය කියන්නේ මේකද?
කොපමණ වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලිපිට.
කොපමණ සැඟෙවුවත් එලිවෙයි අඩුපාඩු ගනුදෙනු කරනකොට
ජීවිතයම පීඩනයකි රඟපෑම් එලි කරනවිට.
කුමට රඟමුද සැබෑව නිවැරදි නොකොට.


පැවැත්ම නිමාවන ලෙස අත්හරින්න.
හැම අත්හැරීමකින්ම ලෝකය ඔබව අත්හරින බව දැනගන්න.
මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න.


බල්ලෙක් බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ.
කඳු පහත් වනවිට කඳු පහත් වෙන්නෙත් නැහැ.
දුවනව මිස
ඔබේ කෙලෙසුත් එසේමය
මාරයාට බයේ සසරේ දුවන්නෙහිය.
සිල්වත්ව සිට බලන්න මාරයා දුවන්නේය.


“සියල්ල ඔබ සතු ලෙස සිතන්නෙහිද?
පැවැත්මේ කිසිවක් ඔබ සතු නැත”
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!


හැමවිටම අත්හරින්න
හැමදේම අත්හරින්න
නොපතා අත්හරින්න
නොතබා අත්හරින්න
නිමාවටම අත්හරින්න
එවිට අත්හැරේ ඔබත් ඔබේ ලෝකයත්!

(ඔබට ලොව!)


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top