නිවීමේ පණිවිඩය රැගත්… 73

දහම් පදය
” අත්හරින්නාට අත්නොහැරෙන්නේ තමකමය,
එහි ප්‍රතිඵලය සියල්ල අත්හැරීමය “
දහම් පදය නිර්වචනය
කොපමණ අත්හැරියත් තමා අත්හැරගන්න අදක්ෂ නිසා එම තමකමේ අත්හැරුමට අත්හරිනවා සියල්ල තම සන්තක.
උවටැන්
ඔබෙන් අසන්නට පැනයක්!
ඔබ ඔබට අත්නොහැරුනා නම් මෙතෙක් අත්හැරියේ කුමක්ද?
අත්හල දේ අන්සතු වූවා නම් මෙතෙක් අත්නොහැරුනේ මන්ද?
දුන් දේ දුන්නේහිම නම් තවම ඔහුන් හට නොලැබුනේ මන්ද?
(තවම දුන් දේ මත නම තැවරිලාය, අයිතියද ලියවිලාය)
ඔබ ඔබට වූවා නම් අන් කෙනෙකුගේ පිහිටක් සරණක් කුමටද තවත් ඔබට.
(පිහිටක් සරණක් පතන්නේම තමන්ට තමන්වත් නැති බව සිත පිළිගන්න නිසා නොවේද?)
මුළු ලෝකයම හදන්න හදන්නේ,
තම වසඟයේ අයිතියේ පවතින එක හිසකෙස් ගහක්වත් සුදු කරන්න කලු කරන්නවත් බැරි ඔබ නොවේද?
(ඔබ ගැන පමණට වඩා සිතන නිසාම පිරිහුනා තවත්)
මෙච්චරක් ඇත, එච්චරක් ඇත.
කියා කියන්න පුළුවන් වූ ඔබේ සිතට,
මෙච්චරක් ඇති, එච්චරක් ඇති කියා කියන්න බැරි වුනේ කිමදැයි විමසුවේද?
තීරණාත්මක අත්හැරීමකට තීරණයක් නොගෙන, අත්හැරීමම තීරණයක් කරගන්න
ඔබේ අත්හැරීම ඔබට දැනෙනවානම් එය අත්හැරීම බව ඔබ හට කිව්වේ කව්ද?
(අත්හැරීමෙන් ප්‍රීතියක්,සතුටක්,වටිනාකමක්,ගෞරවයක් දැනෙන්නෙම ඒ අත්හැරීමෙන් පැවැත්මක් හටගත් නිසා නොවේද?)
ගුරු අවවාද
පිළුනු වෙන බත් ටික අත්හරින්න පුළුවන්ලු.
කුණුවෙන පලතුරු ටික අත්හරින්න පුළුවන්ලු.
දිරාපත් වෙන ගොඩනැගිලි අත්හරින්න පුළුවන්ලු.
ගෙවෙන සෙරෙප්පු අත්හරින්න පුළුවන්ලු.
මලබඳින වාහන අත්හරින්න පුළුවන්ලු.
මුද්‍රිත කොල නෝට්ටු අත්හරින්න පුළුවන්ලු.
පාළුවෙන ඉඩම් අත්හරින්න පුළුවන්ලු.
එහෙත්,
දරුවා බිරිය දෙමාපිය
මාන්‍ය තමකම කුලය නිලය බලය
විතරක් කිසිසේත්ම අත්හරින්න බැරිලු
පිරිනිවෙන බෝසත්වරුන් හට මෙහෙම ජීවිතයක් කුමට නම් අවශ්‍යද?
“සිතන්න, නැවතත් සිතන්න.
රහත් වනතෙක් සිතන්න”
ලැබූ වස්තුවෙන් ලැබුනේ දුක මිස වෙන කුමක්ද?
ලද දරුවන්ගෙන් ලැබුනේ වගකීම මිස වෙන කුමක්ද?
රැකියාවෙන් අනුන්ට සේවකයෙක් වූවා මිස තමන්ට සේවයක් වුනේද?
හදපු ගෙදරින් ලැබුණේ ආරක්ෂාවද? නැත්තම් ගෙදරට ආරක්ෂකයෙකු වීමද?
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ