නිවීමේ පණිවිඩය රැගත්… 76

දහම් පදය
“හැමදේම අත්හැරියලු. ඒ එකක්වත් තමන්ගේ නෙවෙයිලු. එහෙනම් අත්හැරියේ වස්තුව නොව තමකමය.“
දහම් පදය නිර්වචනය
ඔබ අත්හරින්නේ ගෙනියන්න බැරි බව දැනගත් නිසා නම්,
අයිතියක් නැති බව දැනගත් නිසා නම්, දිරාපත් වන බව, නැතිවෙන බව දැනගත් නිසා නම්,
අත්හැර තිබෙන්නේ වස්තුව නොව ඒ මත පිහිටා තිබූ තමකමය
උවටැන්
අල්ලගන්නේ මාන්නයටය.
අත්හරින්නේ නිහතමාන්නයටය.
තමකම සියල්ලටම හසු කරයි.
නිවුමට සියල්ල විසුරු කරයි.
එයට නම් අත්හැරීමයි.
සියල්ල තිබුණ තැනමය,
එහි අයිතිය ඔබ තුළය.
වස්තුවට නැති වස්තුවේ අයිතියක් ඔබට කුමටද?
සියල්ල හේතු ඵල දහමේ කැමැත්තටය,
ඔබ එහි කැමැත්ත කෙරුමටය.
විරුද්ධ නම් පැවැත්මේ කරුමෙටය.
ඔබ ඔබට විරුද්ධ නැත,
ඔබ ඔබට අප්‍රිය ද නැත,
ඔබේ අසත්පුරුෂ කමට ලොවම විරුද්ධය, අප්‍රිය ය.
තිබුනොත් යමක් එය දුකය.
නැතිනම් යමක් එය සැප ය.
තමා සතුව නැති දේට දුක් වෙනවාට වඩා, අනුන් සතුව එය තිබීම දැක සතුටු වන්න.
” එය වස්තුව ඇතිව දුක් විඳිනවාට වඩා අගනේය. “
ගුරු අවවාද
කිසිවෙකුගෙන් පිහිටක් නොපතන්න.
මන්ද පිහිටක් අවශ්‍ය වන්නේ පැවැත්මටය.
නිවීමට පිහිටක් අවශ්‍ය නැත.
කිසිවෙකුගෙන් උපදෙස් නොගන්න.
මන්ද උපදෙස් අවශ්‍ය වන්නේ වැරදි කිරීමටය.
වැරදි නොකිරීමට උපදෙස් අවශ්‍ය වන්නේ නැත.
කිසිවෙකුගෙන් අවවාද නොගන්න.
මන්ද අවවාද අවශ්‍ය වන්නේ නොදන්න දේ කිරීමටය.
තම අඩුපාඩු තමා දන්නේ නම්, කුමට ලබමුද තවත් අවවාද?
දෙමාපියෙක් දරුවකු ඇති දැඩි කරන්නා සේ ඔබ ඔබව රැක බලාගන්න.
වෙලාවට කමටහන් දෙන්න.
වෙලාවට භාවනාව දෙන්න.
වරදේදී අවවාද කරන්න.
මුරණ්ඩුවේදී තරවටු කරන්න.
කම්පාවේදී සනසන්න.
අවිවේකයේ දී හුදකලා කරන්න.
අකුසලයෙන් වෙන් කරන්න.
පාප ක්‍රියාවෙන් ඈත් කරන්න.
ගුණධර්ම කියාදෙන්න.
සෑම දෙයින්ම නිවන්න.
” ඔබ ඔබව හදා ගන්න ඒ රහතා ඔබට ඔබය. “
සිතන්න නැවත සිතන්න රහත් වන තෙක් සිතන්න.
ඔබ ඔබට කරගන්නේ අකටයුත්තක් නම් එවැනි ජීවිතයක් කුමටද?
රාගයෙන් බලන්න ඇස් දෙකක් කුමටද?
මිනිසුන්ට නින්දා අපහාස කරන්න කුමටද කටක්?
ඔබ ඔබට කරගන්නේ නින්දාවක් නම් එවැනි චරිතයක් කුමටද?
ඔබ ඔබට කරගන්නේ ලැජ්ජාවක් නම් එවැනි හැසිරීමක් කුමටද?
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ