නිවීමේ පණිවිඩය රැගත්-77

නිවීමේ පණිවිඩය රැගත්… 77




ඔබ දීපුවා ඔබට ලැබෙනවා එතකොට ඒගොල්ලෝ අත් හරිනවා.
ඒගොල්ලෝ දීපුවා ඒගොල්ලන්ට ලැබෙනවා එතකොට ඔබ අත් හරිනවා.



යමක් දීමට ලැබීමක් ලැබෙන්නේ දී තිබූ අයටය.
නුදුන්නන් හට දීමට බුදුන්ටත් බැරිය.
ඉල්ලන්නන් හට පමණක් නොදී, නොඉල්ලන්නන් හටද දෙන්න.
මන්ද,
ඔබේ අවශ්‍යතාවය විය යුත්තේ දීම නොව,

ඔබ ඉල්ලනවා කියා සිතනවද? ඔබ දුන් දේ ලබනවා.
ඔබේ කැමැත්තට අත්හැරීමට වඩා, අනුන්ගේ අවශ්‍යතාවයට අත්හරින්න.
තමසතු දේ අන්සතු කිරීමට වෙර දරන්නා බෝධිසත්ත්වයා ය.
අන්සතු දේත් අල්ලගන්න දඟලන්නා, අපාගාමියාය.

ප්‍රශ්ණ වලට උත්තර නොසොයා, වෙනසකට උත්තර වලට අදාල ප්‍රශ්ණය සොයා බලන්න.
නිදහස රජ කරන්නා සේ දැනේ!
කොච්චර තියාගත්තත් දෙන තරම් නිදහසක් නොදැනේ.



කොපමණ මහ පොළොව උරුම කලත්,
මරණින් පසු තම උරුමය මහ පොළොවට මිස වෙන කාටද?

දිනක ආදායම කෝටියක් උනත්, කන්න පුලුවන් එක බත් පාර්සලයයි බඩට.
පොහොසතාගේ පොහොසත් කමේ අලංකාරය පවතින්නේ දුප්පතාට සැලකීමෙන්ලු.

තමාට ජීවත් වන්නා ජීවත්ව සිටියදීත් මැරිලාය!
අනුන්ට ජීවත් වන්නා මැරිලත් ජීවමානය.

යානවාහන ගමනට මිස,
වත්කමට, මාන්නයට නොවනවානම් ශ්‍රේෂ්ඨය.

“එකතු කරන්නා සසරට එකතුවෙයි.”
“අල්ලගන්නා දුකට අසුවෙයි.”
“ප්‍රමාද වන්නා ඉපදෙයි”
“අත්හරින්න, පිරිනිවෙයි.”

මිනිස්සු රවට්ටලා ගන්නවට වඩා ඉල්ලගන්න එක කොච්චර හොඳ ද?



ඔබේ වැරදි අඩුපාඩු කොපමණ තිබුනත්,
නාවලා කවලා පොවලා නලවන්නේය.

අනුන්ගේ පොඩි වරදටත් පොලු අරගෙන පන්නන්නේය.
කොච්චර දුර්වලද?

ඔබේ දරුවට ප්‍රශ්ණයක් නම් ගස් ගල් පෙරලන්නේය,
අනුන්ගේ දරුවට ප්‍රශ්ණයක් නම් ගී කියන්නේය. කොච්චර දුර්වලද?

කොච්චර ලැබුනත් එපා නොකිය සිනාසෙන්නේය,
පොඩි දෙයක් ගත්තත් ලැබෙනකම් පොර අල්ලන්නේය.
කොච්චර දුර්වලද?

“සිතන්න. නැවත සිතන්න. රහත් වෙනතෙක් සිතන්න.”

ලැබිච්ච දේ දෙනවද? අල්ලගන්නවද?
තියෙන දේ,
ගංගගන්නවද? බෙදාගන්නවද?
ගන්න දේ,
අත්හරිනවද, නැත්නම් නඩු කියලා ගන්නවද?
සිතෙන දේ,
කියනවද? තව පාරක් සිතලා බලනවද?


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top