නිවීමේ පණිවිඩය රැගත්… 78

දහම් පදය
” අත්හැරීම පාලනය නොකර, අත්හැරීමට පාලනය වීමට දක්ෂ වන්න. “
“අත්හැරෙන දේ, අත්හැරෙන්න හරින්න”
දහම් පදය නිර්වචනය
යමෙක් තම අත්හැරීම,
එසේ අත්හරිමි
මෙසේ අත්හරිමි
මෙපමණක් කියා අත්හරිමි යැයි සිතන්නේ ද,
ඔහු අත්හැරීමට පාලනය වූවෙක් නොව, අත්හැරීම පාලනය කරන්නෙකි.
උවටැන්
ඔබ යමක් දෙන කල දීමට උත්සහ කරන්න.
දෙන්න උත්සහ නොකර!
ඔබේ දීම ලබන්නාට දීමක් ම නොවී ලැබීමක් වන්නේ නම්, ඔබ කොපමණ ශ්‍රේෂ්ඨ බෝසතෙක්ද!
යමක් යමෙකුට දෙන කල ඔහුට පමණක් නොව, වස්තුවටද නොදැනෙන සේ දෙන්නා මේ භවයේ පිරිනිවෙන බව විශ්වාසය.
දෙන්න දෙපාරක් නොසිත. ගන්න සිතන්න තව පාරක්!
ගන්න අනුන්ගෙ දෙයක් ලබන්නා සේ, දෙන්න අනුන්ගෙ දෙයක් ඒ අයටම දෙන්නා සේ!
කුමට අත්හරිමුදැයි සිතන්නෝ බොහෝය, කුමට අත්නොහරිමුදැයි සිතන්නෝ අල්පය. පිරිනිවෙන්නට නම් අල්පයෙකු වන්න!
කවදා හරි තේරෙයි එදාට අත්හරිමුයි නොසිතා, අත්හරින්න එතකොට තේරෙයි අත්හැරීම!
පින්වත් දරුව!
ඔබේ නිවන ඔබට දීමට ලොවේ කිසිවෙක් නැත.
මන්ද, ලොව්තුරා තථාගතයන් වහන්සේත් පෙන්වන්නේ මාර්ගය පමණය.
ඔබේ මාර්ගය ඔබ සමඟය.
අවදිව යන්න.
පෙන්වන්නට මඟ බුදු බණ ඔබ අභිමුඛයේය.
ගුරු අවවාද
අනුන් දිහා බලන්න හොඳ දේවල් අරගන්න!
ඇසුරු කරන්න ආශ්‍රය නොලබන්න!
සතුටු වන්න සතුට පැහැර නොගෙන!
විනෝද වන්න විනෝදයක් නොවන්න!
ජීවත් වන්න ජීවිතයක් පැහැර නොගෙන!
කියන්න දේවල් ගොඩක් තිබුණත් අවශ්‍ය දේ පමණක් කියන්න!
බොරු නොකියන්න සත්‍යද නොසඟවන්න!
අනුන්ට අවංක වන්න තමන්ට වංක නොවී!
හතුරු කම් නොකරන්න මිතුරුකම් පැහැර ගෙන!
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ