නිවීමේ පණිවිඩය රැගත්-09

නිවීමේ පණිවිඩය රැගත්… 09




යමක් අත්හැරීමෙන් පතන්නේ නිදුකක්ය ,  නුමුත් අත්හැරීමෙන් පවා හටගන්නේ දුකක්ම නම් එම අත්හැරීම කුමටද !


අල්ලාගන්නේ කැමති දේවල්ය, කැමති දේවල් අත්හැරීම නම් අපට අකැමැති දේවල්ය !

පෘතජ්ජනයා කැමති දේවල් අල්ලාගෙන අකැමැති දේවල් අත්හරින්නේය ,
ආර්‍ය්‍යා අකැමති දේවල් අල්ලාගෙන කැමැති දේවල් අත්හරින්නේය ,
මක්නිසාද අකැමැති දේවලට බැදීම් හට නොගන්නා නිසාය !


“මම නෙවෙයි” කියන කොටත් එතැන මම ඉන්නවා, මම නැහැ කියන එක කියන්න උත්සහ දරනවාට වඩා මම ඉන්නේ කොතැනද කියන එක දැනගන්න උත්සහ කිරීම කොපමණ ශ්‍රේෂ්ටද?

අරිය ගවේශණය විය යුත්තේ නිවන්නේ කොහොමද ? කියන එක නෙවෙයි , නිවෙන්නේ කොහොමද කියන එකයි !

ඔබ තුල ඔබ නඩත්තු වෙන්නේ අනුන්ගෙන් නොව, ඔබගෙන්මය !


 ඔබට අවශ්‍ය දේ මේ වනවිටත් ලෑබී ඇත. මේ වනවිට ඔබ සොයන්නේ ඔබට අනවශ්‍ය දේය !


අම්මා වුන නිසා ඔබ ඉපදුනා නොව , ඔබේ ඉපදීම නිසා ඇය අම්මා වුනා !

බුදුන් වහන්සේ තමාගේ බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරුවා නොව , තමා වෙනුවෙන් තමාගේ නිවීම වෙනුවෙන් පාරමී පීරුවා සේ සිතන්න. එවිට ඔබේ මුළු ජීවිතයම බුද්ධ වන්දනාව වෙනවා නිසැකය !

පෘතජ්ජනය !

ලෝකයේ පවතින්නේ ප්‍රශ්ණ පමණය ,
ප්‍රශ්ණ යනු පිළිතුරුවල අනවබෝධයය !



ඔබට ඔබේ පවුල වැදගත්ය , නමුත් පවුලට ඔබ වැදගත් වන්නේ පවුලේ අවශ්‍යතාවයට පමණ නොවේද !

සියල්ලන්ට දන් දෙන ඔබ ඔබට දුන්නේ කුමක්ද ?


පෘතජ්ජනයා දුකට අත්හරියි , ආර්්‍යයා නිවීමට අත්හරියි , අත්හැරිය යුත්තේ අත්හැරෙන ලෙස මිස තවත් අත්හැරීමක් අවශ්‍ය වන ලෙස නොව ,

අත්හැරීමෙන් දුක නොහටගන්නා ලෙස සිහිය පවත්වන්න  !


නිවීම දුටු ඇත්තා දුටු නිවීම වෙනුවෙන් අත්හරියි, ලෝභය දුටු ඇත්තා තවත් ලෝභයක් වෙනුවෙන්ම අත්හරීයි !
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top