වස්සාන සමය-ලිපි මාලාව -2025-page-02

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “

02.කොටස


01.යමෙක් රූපය, රූපය ලෙස පිළිගන්නේ…
රූපයක් ලෙස පෙනෙන නිසාද ?
වර්ණය රූපයක් ලෙස වරදවා තේරුම්ගත් නිසාද ?
රූපයකට අවශ්‍ය කරුණු ගෝච​ර වූ නිසාද ?
සිත රූපයක් කොට පිළිගත්ත නිසාද ?



ඔබ තවම රූපයක් දුටුවේ නැහැ කිව්වො​ත් පිළිගන්නවාද ?
මන්ද,
ඇසට පෙනෙන්නේ රූප නොව වර්ණ පමණය.
වර්ණයක් රූපයක් කොට දකින්න තරම් ඔබේ දක්ෂකම ගැන
ඔබට කණගාටු නැද්ද ?

ඔබ
වර්ණයක් දුටුවේය
වර්ණයට අදාල හැඩයක් දුටුවේය
ස්පර්ෂයට ​ගෝච​ර ව​න විශ්වාසය හටගත්තේය
රූපයේ සම්මුතිය ඔබ මැඬලුවේ​ය.

පසුව
එය රූපයක් බව ඔබ පිළිගත්තේය, එකඟද ?
එක​ඟ නම් එක​ඟ වුනේ මොකටද කියා නිවැරදිව දැන සිටියාද ?

මේකට උත්තරය මාස තුනෙන් ලැබුණම අපි වස් පාවරණය කරනවා.

සිතා බලව !
මෙතෙක් කිසිම රූපයක් නොදුටු සත්ත්වයෙකී ඔබ
රූපය කිමදැයි තේරුම් නොගත්තෙකී ඔබ
ඇසට පෙනෙන වර්ණය වරදවා තේරුම් ගත්තෙකී ඔබ
නොනිවි සොවාන් වීමට වෙර දරන්නෙකී ඔබ

රූපයක් ලස්සනයි කියා තීරණයකට ඒම තුල වරදක් නොදකිමි.
නමුත් ලස්සන, එ​ම රූපය තුල තිබෙන්නේ කොතැනදැ​යි නොදැන
එම තීරණයට ඒම පිළිබද එක​ඟ නොවෙමි.


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top