
කර්ම විශය
ආහාරයට සුදුසු යමක් පාත්‍රයට වැටෙනවා. ඒ දානය අද උදෑසන හතර, තුන, දෙකට නැගිටලා හදපු එකක් නෙවෙයි. එක මීට භව තුන්හාරසියයකට කලින්, අතීත ඈත යුගයක යම්කිසි හේතුවක් නිසා දෙදහස් විසිහයේ පෙබරවාරි පළවෙනිදා අසවල් බෝධිසත්ත්වයා ඒ වෙනකොට ඉපදිලා අසවල් වයසෙන්, අසවල් රූපයෙන් පැවිදි කමට පත්වෙලා, ඒ බෝධිසත්ත්වයාට එදා දවසේ දානය විදිහට මේක ලැබෙනවා. ඒ බෝධිසත්ත්වයා අසවල් තැනට යා යුතුයි. ඒ හේතුවට අදාළ ඒ දානය දෙන කට්ටිය ඉන්නේ එතන,
කොයි රටේ ඉපදෙන්න, මොන පළාතේ ඉපදෙන්න, කොයි පවුලක සිටින්න ඕනෙද කියන එක තීරණය වෙලා, ඒ නිසි කාලය වෙනකොට ඒ රට රාජ්‍ය අතහැරලා ඒ අවශ්‍ය ප්‍රදේශයට ඇවිල්ලා ඒ කියන අය ළඟට යන්න ඕනේ. ඒ අය ඒ අවශ්‍ය දානය අපට දෙන්න ඕනි. ඒක අපි ලබන්න ඕනේ.
බලන්න මේ ‘කර්ම විශය’ කොච්චර ලස්සනට මේ හැමදේම තීරණය කළාද කියලා. දන් ගන්න අපිව නිර්මාණය කළා. දන් දෙන්න ඒ අයව නිර්මාණය කළා. දෙන්න ඒ අය ඇවිල්ලා, ගන්න අපි ඇවිල්ලා. මේ ලෝකයේ මොකක්වත් අපේ පාලනය යටතේ නැහැ. හැමදේම හේතුඵල දහමේ පාලනය යටතේ තියෙන්නේ. කර්මය තමයි මේ හැමදේම පාලනය කරන්නේ.
කුමක් සම්බවෙනවාද, ඒක තමයි අද දවසේ සම්බවෙන්න තීරණය වෙලා තිබුණේ. ඒකට උපේක්ෂා වෙන්න. සතුටින් බාරගන්න. කුමක් නොලැබුණාද, ඒක තමයි අද නොලැබෙන්න තීරණය වෙලා තිබුණේ. ඒක ප්‍රාර්ථනා කරන්න එපා. ලබන්න උත්සාහ කරන්න එපා. කුමක් නිසාද? ඒක ලැබෙනවා නම්, උත්සාහ කරන්න අවශ්‍ය නැහැ මේ වෙනකොටත් ඒක පාත්‍රයට ලැබිලා ඉවරයි.
මෙන්න මේ හේතුඵල දහම, මේ කර්මය පිළිගන්න, අනුමතවෙන්න. උපේක්ෂා වෙච්ච මානසිකත්වයකින් කර්ම විනයක් විදිහට, දෙන අය, ලබන අය, ලැබෙන දේ මේ හැමදේම ඇලීමකින්, ගැටීමකින් තොරව එවැනි මානසිකත්වයකින් පින්ඩපාතේ කරමු.
අද දවසේ පිණ්ඩපාතයට ලැබෙන කමටහන් අවවාදයයි.
තෙරුවන් සරණයි.