
තපස් විෂය
කර්මය අපට ලබාදෙන දායාදයක් තමයි මේ පාත්තරයට වැටෙන දානය. අපි කවදාද මේ දානය මට ලැබෙනවා, මේ මේ දේවල් මට ලැබුණා, මං මේ දේවල් වලට කැමතියි, මං මේක වළදනවා, අද නම් හොඳටම දානය හම්බවුනා, මම කැමති දේවල් හම්බුණා කියලා අපි හිතන්නේ, එදාට අපේ දාන පාරමිතාව තවත් ගොඩාක් දුරට දික්වෙනවා. ඒක අභිරහසක්!
මගේ කර්මයට අනුව ‘විශ්වයෙන්’ මට මේ දේවල් දෙනවා. මගේ තැන්පතු වලට අනුව විශ්වය මේ සතර මහා භූතයාගෙන් බොංචී, පරිප්පු බවට පරිණාමය වෙලා, වළඳන්න පුලුවන් තත්වයට ඒවා පත්වෙලා, ඒවා දානයක් විදිහට මගේ අතට ලැබෙනවා. විශ්වය විසින් දෙන දායාදයක්, කර්මය විසින් මට දෙන දායාදයක්.
මේ එකක් වත්, මට අදාල එකක් වත් මම ලබන එකක් වත් නෙවෙයි. විශ්වය විසින් නිර්මාණය කරලා, මේ කයේ අවශ්‍යතාවය, නඩත්තුව වෙනුවෙන් පූජා කරන එකක්. හම්බෙන හැමදේම සතුටින් බාරගන්න. කිසිම අවස්ථාවක කිසිම දානයක් ප්‍රතික්ෂේප නොකරන්න.
විනයක් තියෙනවා, සුදුසු නැති තැන් ප්‍රතික්ෂේප කරන්න, ස්ථාන හතරක් විතර. ඒ විනය අනුගත වෙන්න. සංතෝෂයෙන් බාරගන්න.
දුප්පත් අය දානය දෙනවා. දුප්පත් වුනේ සසරේ දන් දීපු නැති නිසා. දානය පිලි අරගෙන, නැවත ඉපදෙනකොට ඒ භවයේ හොඳට දෙන්න පුලුවන් පරිසරය දෙන්න. පෝසත් අයත් දන් දෙනවා. ඒ ගොල්ලෝ සංසාරයේ ගොඩක් පාරමී පුරපු අය. ඒ අයගේ දානෙත් පිලිඅරගෙන, සසරෙන් නිදහස් වෙන්න අවශ්‍ය කුසලය නිර්මාණය කරලා දෙන්න.
මං පිණ්ඩපාතයේ යන කොට, මට ලැබෙන හැම දන් හැන්දකටම මම නොදැනුවත්වම මේ දෙකම වෙනවා. අගහිඟකම් තියෙන කට්ටියට, අනාගතයේ ඒක ලැබෙන කර්මය හැදෙනවා. හොඳට දන් දීලා ආපු කට්ටියට ඒ කුසල, පින හේතුවෙන් සසරේ නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. හැබැයි පාත්තරය අරගෙන යන තාපසයා ඒ දෙකම දන්නේ නැහැ. මම යනකොට මේ මුලු ගමටම ලොකු පෙරලියක් වෙනවා. විශාල වශයෙන් ශාසනික සේවයක් සිද්ධ වෙනවා.
මේ ධර්මතාවයන් සිහි කරන්න. හැම පින්ඩපාතයක්ම, “එක විෂයක්”. සාමාන්‍ය පෙළ, උසස් පෙළ වලට විෂය තියෙන්නේ. ඒ වගේ මේක ‘තපස් විෂය’ කියලා කියන්නේ. තපස් විෂයක්. ඒ විෂයන් ගවේෂණය කරන්න ඕනේ, අධ්‍යනය කරන්න ඕනේ, අනුගත වෙන්න ඔනේ, ඒවත් එක්ක වාසය කරන්න ඕනේ.
තෙරුවන් සරණයි.