
සක්කාය දිට්ඨිය
හොඳයි, කුමක් ලැබෙනවාද? ඒකට එකඟ වෙමි. කුමක් පේනවා ද? ඒකට එකඟ වෙමි. කුමක් ඇසෙනවාද? ඒකට එකඟ වෙමි. කුමක් සිදුවෙනවාද? ඒකට එකඟ වෙමි.
අද දවසේ අපි ජීවත් වෙන්න ඕන මානසිකත්වය.
අපිට ලැබෙන්නේ මොනවද? ඒක තමයි ලැබෙන්න තිබුනේ. අපිට කුමක් අද නොලැබුනාද? ඒක තමයි නොලැබෙන්න තිබුණේ. ඒ නිසා තමයි නොලැබුණේ. මේක ලැබුණේ, ඒක ලැබෙන්නම තිබිච්ච නිසා.
එහෙනම් මේ පේන දේවල් ඔක්කොම පේන්න තිබිච්ච දේවල්. අද හම්බෙන තරවටු, අවවාද, අනුශාසනා, ගුණ, ගෞරව, ප්‍රශංසා, කීර්ති ඒ ඔක්කොම ඇහෙන්න තිබිච්ච දේවල්.
අද දවසේ කරන්නේ? වෙන්න තිබිච්ච දේවල්.
එහෙනම් විශ්වය විසින් අණු වලින් යම්කිසි භෞතිකයක් හදලා, විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තිය කරවලා ඒක තුළ තැන්පත් කරලා. ඒ ප්‍රාණ ශක්තිය පාලනය කරන්න පුලුවන් බලසම්පන්න අණුවක් හදලා ඒකට ‘විඤ්ඤාණය’ කියන නම දීලා ඒ භෞතිකය තුළ තැන්පත් කෙරුවාම, ඒ විඤ්ඤාණය හේතුකරගෙන, ඒ ශක්ති විශේෂය උපයෝගී කරගෙන වර්ණ, ගන්ධ, රස, ඕජා, ස්පර්ශ හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා ඒ භෞතිකයට.
ඒ භෞතිකයට තමයි මනුෂ්‍යයා කියන, සත්ත්වයා කියන නිර්වචනය දීලා තියෙන්නේ.
එහෙනම් පුද්ගලයෙක්, සත්ත්වයෙක් නෙවෙයි මෙතෙන ඉන්නේ, අණු වලින් එකතු වෙලා සෛල හැදිලා, සෛල වලින් එකතු වෙලා ඉන්ද්‍රියන් හැදිලා, ඉන්ද්‍රියන් කිහිපයක් එකතු වෙලා භෞතිකව මාංශ වලින් වස්තුවක් නිර්මණය වෙලා. එකේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විදිහට විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තිය බවට පත්වෙලා, ඒ ප්‍රාණ ශක්තිය පාලනය කරන්න පුලුවන් විශේෂ අණුවක්, විඤ්ඤාණ අණුවක් නිර්මාණය වෙලා ඒ කය තුළ ඇතුල් වෙලා.
ඒ නිසා පේනවා, ඇහෙනවා, දැනේනවා, හැඟෙනවා, සිතෙනවා.
පේන්නේ මට නෙවෙයි, ඇහෙන්නේ මට නෙවෙයි, දැනෙන්නේ, හැඟෙන්නේ, සිතෙන්නේ මට නෙවෙයි.
මගේ ‘ප්‍රාණ ශක්තියට’.
හඳුණා ගන්නේ සිත, දැනෙන්නේ ප්‍රාණයට.
ඒ නිසා මට වුනාය, මට දුන්නාය, මට බැන්නාය, මට කළාය කියලා මම හිතනවා. මෙන්න මේ ‘සක්කාය දිට්ඨිය’ මුදවන්න ඕන සංසාර විමුක්තිය සඳහා. මේ මුලාවෙන් නිදහස් වෙන්න ඕන මේ භව චක්‍රයෙන් ගැලවීම සඳහා.
මේක සිහි කරගෙන පිණ්ඩපාතේ වඩින්න. අද දවස පුරාවටම මේ මානසිකත්වයෙන් ඉඳගෙන බණ භාවනා කටයුතු සිදුකරන්න.
තෙරුවන් සරණයි.