ක්‍රියාවලිය
පුද්ගල සත්ත්ව ස්වභාවයෙන් තොරව ක්‍රියාවක් විදිහට සියළු දේවල් දකින්න සලායතන හුරු කරන්න.
රූප පෙන්නේ ඇසේ ක්‍රියාවක්, ශබ්ද ඇසෙන්නේ කනේ ක්‍රියාවක්, කථාකරන්නේ කටේ ක්‍රියාවක්, ඇවිදින්නේ කයේ ක්‍රියාවක්, සිතන්නේ සිතේ ක්‍රියාවක්. ක්‍රියාවක් පමණක් ඇත. සත්වයෙක් පුද්ගලයෙක් නැත.
පුද්ගලිකත්වය, මානසිකත්වය නඩත්තු කරන්නේ නැතුව, සක්කාය දිට්ඨිය නිර්මාණය වෙන්න තරම් දුර්වල වෙන්නේ නැතුව, තමන්ට සත්ව පුද්ගල ස්වභාවයක් නිර්මාණය කරගන්නේ නැතුව සලායතන වල ක්‍රියකාරිත්වය ක්‍රියාවක් විතරයි. වෙන කිසිම දෙයක් එතන නැහැ. අයිතිකාරයෙක් නැහැ, පාලකයෙක් නැහැ. ක්‍රියාවක් විතරයි.
මෙන්න මේ මානසිකත්වය තුළ වාසය කරමින් ගනුදෙනු කරන්න.
අද පිණ්ඩපාතේ අපි පුද්ගල සත්ව ස්වභාවය නැතුව ක්‍රියාවක් විදිහට, ක්‍රියාවලියක් පාත්තරයක් අරගෙන වැඩම කරලා තියෙනවා. ක්‍රියාවලියක් පාන්දර හතර වෙනකොට ඇහැරිලා දානේ සකස් කරලා ගෙනල්ලා පූජා කරනවා. ඒ ක්‍රියාවලිය එහෙම වෙලා තියෙනවා, ඒක ලබාගන්න ක්‍රියාවලිය මෙහෙම වෙලා තියෙනවා. මේ හැම තැනම ක්‍රියාවක් තමයි තියෙන්නේ, පුද්ගලයෙක් සත්ත්වයෙක් නැහැ.
මෙන්න මේ මානසිකත්වය පුරුදු කරමු.
තෙරුවන් සරණයි.
