හුස්ම රැල්ල යනු, ලෝක සත්ත්වයාගේ ජීවයයි. උත්පත්තිය නතර කිරීමට නම් උප්පත්තියක් පවතින්නේ ඇයි කියාද, උත්පත්තියක් හටගන්නේ ඇයි කියාද යැයි දැනගැනීම ඉතා වැදගත් බව හැඟේ,
“ සියලු සත්ත්වයෝ ප්‍රාණය උපයෝගී කොට ජීවත් වන්නාහ.”
මේ ප්‍රකාශයට විරුද්ධ වන කෙනෙක් මිහිමත සිටියි යන විශ්වාසය අපට නැත.මන්ද, එසේ යම් කෙනෙක් විරුද්ධ වන්නෙහි නම්, විරුද්ධ වන්නේ එම ප්‍රාණය උපයෝගී කරගෙන බැවින්ය.
සත්ත්වයෙකුගේ ඉපදීම නතර කිරීමේ උවමනාව සත්ත්වයාගේ දුකේ අවශ්‍යතාවය නිසා හටගත් ධර්මතාවයකි.
එම අදහස මුදුන්පත් කරගැනීමට ජීවියාගේ ජීවය නම් වූ ස්වසන ක්‍රියාදාමය අවබෝධ කරගැනීම ඉතා වැදගත් ය. එම අවබෝධය ලබාදීමට ලෝක සත්ත්වයාගේ සිත සුව පිණිස දරන ආත්ම සත්කාරයකි මේ ග්‍රන්ථය.