පැවිදි අපේක්ෂක ඔබ පහත කරුණු කාරණා හොඳින් කියවන්න
යම් වූ ශ්රද්ධාවන්ත කුල දරුවෙකු මෙම ගෞතම බුද්ධ ශාසනය තුළ දී උතුම් වූ නිර්වානාවබෝධය පිණිස පැවිදි ප්රවිජ්යා භූමියට එලඹීමට ගන්නා වූ මෙම තීරණය මෙම මනුශ්‍ය භවයේ ඔහු ලබන්නා වූ මහඟු කුසලයක් වන්නේය.
අප්‍රමාදීව කුසල් දහමෙහි නිරතවීමට නම් පෘතුජ්ජන සමාජයෙන් වෙන්ව සසුන්ගත වීම තරම් වටිනා දෙයක් තවත් නොමැත.
නමුත් එය අසීරු කර්තව්‍යයකි.
මෙම සටහනින් අප ඔබ දැනුවත් කරන්නට බලාපරොත්තු වන්නේ පැවිදි භූමියට පත් වීමට නම් ඔබ විසින් සපුරාලිය යුතු සුදුසකම් කිහිපයකි.
විශේෂයෙන් ඔබ විසින් මතක තබා ගත යුතු කරණාවක් නම්, අප සේනාසනයේ පමණක් නොව, ඕනම ආරණ්‍ය සේනාසනයක පැවිදිවීමේදී මෙම සුදුසුකම් වලින් පරිපූර්ණ විය යුතුයි.