දවසේ චින්තනය 13 – තොරතුරු ගනුදෙනුව



මම යනු දෘෂ්ටියක් නෙමෙයි තොරතුරක්, තොරතුරු සමුදායක්, තොරතුරු පද්ධතියක්.
තොරතුරු තමයි මේක දුකයි මේක සැපයි කියන එක තීරණය කරන්නේ
ඒ තොරතුරු තමයි අසුවලා හොඳයි මෙසුවලා නරකයි කියන එක තීරණය කරන්නේ.
ඒ තොරතුරු තමයි මේක රසයි මේක අප්‍රියයි කියලා තීරණය කරන්නේ.
ඒ තොරතුරු තමයි මට මහන්සී, මට විවේකයි කියන එක තීරණය කරන්නේ.
ඒ තොරතුරු තමයි මං සන්තෝසෙන් ඉන්නවා මම කණගාටුවෙන් ඉන්නවා කියන එක මට තේරුම් කරන්නේ. එහෙනම් මගේ කය සම්පූර්ණ තොරතුරු ගබඩාවක්.
තොරතුරු වල තියෙන ස්වභාවයට සාපේක්ෂව මගේ මනස වෙනස් වෙනවා, හිතන විදිය, තීරණය කරන විදිය වෙනස් වෙනවා පේන දේවල් දැනෙන දේවල් හැඟෙන දේවල් සිතන දේවල් කියන මේ සලායතනම තොරතුරු වලට සාපේක්ෂව තමයි ක්‍රියා කරන්නේ.

මම රාගෙන් බලනව නෙමෙයි මගේ තොරතුරු වල වැඩිපුරම තියෙන්නේ රාගය නම් මට ඒ රාගෙට සාපේක්ෂව පේනවා. මගේ තොරතුරු වල ප්‍රශ්නයක් තියෙන්නේ. මේ තොරතුරු අනිත් තොරතුරත් එක්ක ගනුදෙනු කරන විදිය, නාම රූප සංඥා සංස්කාරත් එක්ක කටයුතු කරන විදිය ප්‍රඥාවෙන් දකින එක තමයි අද දවසේ චින්තනය.
අපි ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ. හැම අවස්ථාවක් ගානෙම මගේ දුර්වලකම දකින්න. මගේ තොරතුරු වල දුර්වලකම දකින්න ඕනේ මම දැක්කා කියන විදියට නෙමෙයි මගේ තොරතුරු වලට පේන විදිය.
මම සෝවාන් කෙනෙක් නම් ඒ තොරතුරුවලට අනුව පේන විදිය. ‍‍
මම සකෘදාගාමි නම් ඒ තොරතුරු වලට අනුව ඇහෙන විදිය.
මම අනාගාමී නම් ඒ තොරතුරු වලට අනුව මට දැනෙන විදිය.
මම රහත් නම් ඒ තොරතුරු වලට අනුව මට සිතන විදිය.
එහෙනම් මේ ආයතන පවා මගේ තොරතුරුවලට සාපේක්ෂවයි පේන විදිය ඇහෙන විදිය දැනෙන විදිහ තීරණය කරන්නේ,

මම නෙමෙයි.


මෙන්න මේක සතර ඉරියව්වෙන් සිහියෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ.
මේක මුළු දවස පුරාවටම මෙනෙහි කරන්න.

තෙරුවන් සරණයි.

Scroll to Top