දුක්ඛ සත්‍යක්
පිණ්ඩපාතේ දුක් දෙකක් තියෙනවා.
තුන්තරා බෝධිය පතන බොසත්වරු, ගොඩක් දන්නවා ඒ දුක් දෙක. එකක් තමයි ‘ලැබීමේ දුක’. අනිත් එක ‘නොලැබීමේ දුක’. යමක් ලැබුණාම හේතුව තිබුණා ඵලය නිර්මාණය වුනා. අද පාත්තරයට උරුමයක් වුනා. නැවත මේක ලැබෙන්නේම නැහැ ඒක ඉවරයි.
ලැබුණා, ඒ හින්දා නැවත ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන හැම මොහොතෙම දැන ගන්න ඕන නැවත ලැබෙන්න යන්නේ වෙන දෙයක් කියලා.
අද ඇහෙන බණ පදය හෙට ඇහෙන්නේ නැහැ. ඇයි? ඒක ඇහුණාම යමක් වඩනවා, තේරුම් ගන්නවා, ඒක ගුණයක් බවට පත්වෙනවා. ඒ කුසලයට ඒ පාරමිතාවට ඊට වඩා වැඩි එකක් තමයි ආයේ ඇහෙන්නේ. අපි ලොකු වෙන්න ලොකු වෙන්න ඒකට අදාල විශය නිර්දේශය ඉගැන්නුවා මිසක්, එක වසර පාඩමේ තිබිච්ච, නයනාගෙයි අමරගෙයි කථාව උගන්වන්නේ නැහැ. ඇයි? අපි ලොකුයිනේ.
එහෙනම් සීලයෙන්, විනයෙන්, පාරමිතාවෙන් අපි ශක්තිමත් වෙනකොට, අපේ ගුණධර්ම දවස ගානේ පෝෂණය වෙනකොට අපිට ඊට වඩා ගැඹුරු දෙයක් තමයි ඇහෙන්නේ.
එහෙනම් පාත්තරයට දානය පිළිගන්වනකොට, පූජා කරනකොට මේ දානය මට ලැබෙන්නේම, නොලැබීමේ දුක නොලැබෙන පිණිස. අද මම බලාපොරොත්තු වුනා මිරිසට නමුත් එහෙම හම්බවුනේ නැහැ. ඒක නොලැබුණේම, ලැබීමේ දුක නොලැබෙන පිනිස.
එහෙනම් මේ දුක් දෙකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දුක්ඛ සත්‍යක් තමයි මෙකේ සැඟවිලා තියෙන්නේ. ආර්ය සත්‍ය ඒ දුකක් විලසින් ගණුදෙනුවක් තමයි මේ කරලා තියෙන්නේ. ලැබුනේ, නොලැබුණාම හම්බෙන දුක නොලැබෙන පිනිස. නොලැබුනේ, හම්බුණාම ලැබෙන දුක නොලැබෙම පිණිස. මේ දුකක් තමයි නිරෝධ වෙලා තියෙන්නේ. දුක්ඛ ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.
මෙන්න මේ පිණ්ඩපාත දුක්ඛ සත්‍ය මෙනහි කරමින්, සතර ඉරියව්වෙන් ඒ සත්‍ය පිහිටවාගෙන පිණ්ඩපාතේ කරමු. අද දවස පුරාවටම මේක මෙනෙහි කරන්න. දවසේ චින්තනය
තෙරුවන් සරණයි.
